නිදහස් පක්ෂයේ ඇතැම් කොටස් ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ විකල්ප පෙරමුණක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා. දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණේ ආරංචි මාර්ග පවසන්නේ පාර්ලිමේන්තුව රැස්වූ පසු එහි ක්‍රියාකරන ආකාරය පිළිබඳ තීරණයක් ගන්නා බවයි. කෙසේ වෙතත්, තවමත් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් විධිමත් සාකච්ඡාවක් සිදුවී නොමැති බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.
නිදහස් පක්ෂය හැරුණු විට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ මෙන්ම පිවිතුරු හෙළ උරුමයද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.
සන්ධානයේ සිටි ඊ.පී.ඞී.පී සහ ලංකා කම්කරු කොංග්‍රසය ජාතික ආණ්ඩුවට සහය දැක්වීමට දැනටමත් තීරණය කර අවසන්. ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ගිවිසුම්ගත වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සහ නිදහස් පක්ෂයයි. සන්ධානය ගිවිසුමකට ඇතුළත්ව නැති නිසා ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි මහජන එක්සත් පෙරමුණේ ආරංචි මාර්ග කියා සිටියේ.
මේ අතර, විකල්ප ජාතික පෙරමුණක් ලෙස කටයුතු කිරීම සඳහා සන්ධානයේ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා මූලික අඩිතාලම මේ වනවිට දමා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා.
ජාතික ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන වෙනත් පක්ෂ සමඟ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකරමින් පවතින බවයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ.
කෙසේ වෙතත්, මෙවර පාර්ලිමේන්තුව නියෝජනය නොකළත්, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේ මේ වනවිට ජාතික ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. විශේෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟද මේ පිළිබඳවද සාකච්ඡා පවත්වා ඇති බව හිටපු අමාත්‍ය තිස්ස විතාරණ වැඩිදුරටත් සඳහන් කළා.
බිහිවෙමින් පවතින ජාතික ආණ්ඩුවට එරෙහිව සන්ධානයේ පිරිසක් අකුල් හෙළන බව, වත්තල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජෝන් අමරතුංග ප්‍රකාශ කළා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජිත් විජයමුණි අද (29) මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී දැක්වූයේ මෙවැනි අදහසක්.

Follow US
Most Viewed Stories