පොලියට මුදල් දෙන්නෙකු ඝාතනය කරයි

Sunday, 30 August 2015 - 20:08

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රත්නපුර -  ඕපනායක - අකරැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අලූයම පොලීසියට ලද තොරතුරක් මත ඝාතනය කරන ලද ඔහුගේ සිරුර සොයාගෙන ඇති බවයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ  ඕපනායක - උඩවෙල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු පියෙක්. මිය ගිය පුද්ගලයා මුදල් පොලියට ලබාදීමේ ව්‍යාපාරයක නිරත වී සිටි බවයි වාර්තා වන්නේ.  

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඊයේ දිනයේදී නිවසින් පිටත්ව ගොස් ඇති අතර නැවත නොපැමිණීම හේතුවෙන් ඔහුගේ ඥාතීන් ඒ පිළිබඳව විමසිලිමත් වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඔහුට අයත් ත්‍රිරෝද රථය තුළ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories