ජනපති දළදා සමිඳු වැද පුදා ගනී

Sunday, 30 August 2015 - 20:19

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන් වැද පුදා ගත්තා. ඇසල පෙරහර මංගල්‍යය වෙනුවෙන් ඊයේ මහනුවරට ගිය ජනාධිපතිවරයා අද මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් ද බැහැ දැක තිබෙනවා. එහිදී මල්වතු මහනායක හිමියන්, මෙවර ඇසල මහා පෙරහර උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට හැකිවීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ද ගිය ජනාධිපතිවරයා අස්ගිරි මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහ නාහිමියන් බැහැ දැක තිබෙනවා.

මේ අතර, මහනුවර - ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ සාර්ථකව නිමාවට පත්වුණා.  පෙරහර නැරඹීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද සිටියා. එමෙන්ම අද අලූයම් කාලයේ මහවැලි ගෙඟ් ගැටඹේ තොටුපලේදී දිය කැපීමේ මංගල්‍යය සිදුකෙරුණු අතර, මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සමාප්තිය සනිටුහන් වූයේ අද දහවල් පෙරහරෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories