ප්‍රභාකරන් මිය ගියේ හිසට වෙඩි තබාගෙන - කරුණා හෙළි කරයි

Monday, 31 August 2015 - 8:02

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+-+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ආරක්ෂක හමුදා මගින් අත්අඩංගුවට ගෙන වධ හිංසා පමුණුවා ඝාතනය කර නොමැති අතර, ඔහු යුද්ධයේදී සිය පිස්තෝලයෙන් වෙඩි තබාගෙන දිවි නසාගෙන ඇති බව කරුණා අම්මාන් පවසනවා. කොටි සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ නායකයා ලෙස සිට පසුව ඉන් ඉවත්වී දේශපාලනයට එක්වූ කරුණා අම්මාන් පසුගිය රජයේ අමාත්‍ය ධුරයක්ද හොබවනු ලැබුවා. විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් දකුණු ඉන්දියාවේ පුදියතලෙයිමුරෙයි නමැති රූපවාහිනී සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ප්‍රභාකරන්ගේ මරණය ගැන මෙම නව හෙළිදරව්ව සිදුකළා. ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ප්‍රභාකරන්ගේ හැකියාවන් සහ ආකල්ප පිළිබඳ මනා අවබෝධයක් ඇති පුද්ගලයෙකු වශයෙන් ඔහුගේ මරණය දිවි නසා ගැනීමක් බවට සහතික වශයෙන් පැවසිය හැකි බවයි. මේ එහිදී ඔහු කළ ප්‍රකාශයයි.

‘‘ එදා රාත්‍රි 12ට පමණ හමුදාව සැඟවී ප්‍රහාරයක් සැලසුම් කළේ එල්.ටී.ටී.ඊ. සන්නද්ධ කණ්ඩායම්වලට පලා යා නොහැකි ලෙස ප්‍රදේශය වටලමින්. එහිදී ආරක්ෂක වලල්ලෙන් පළා යාමට උත්සාහ කළ කොටි සාමාජිකයන්ට හමුදාව වෙඩි තැබුවා. පසුදා පාන්දර 4ට පමණ හමුදා සෝදිසි මෙහෙයුමකදී ප්‍රභාකරන්ගේ මළ සිරුර හමුවුණා. ප්‍රභාකරන්ගෙන් පුහුණුව ලැබූ ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයෙකු වශයෙන් මම කිසිදා විශ්වාස කරන්නේ නැහැ ප්‍රභාකරන් හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසු මිය ගිය බව. ඒ වගේම ප්‍රභාකරන්ගේ මරණය හෑල්ලූ කරන්න අවශ්‍යත් නැහැ. දකුණත හුරු ප්‍රභාකරන් ඔහුගේ නළලේ දකුණු දෙසටයි වෙඩි තබාගෙන ඇත්තේ. ඉනේ වම් පෙදෙසේ පිස්තෝලය රුවා සිටි ප්‍රභාකරන් එය රැගෙන නළලට සමීපව වෙඩි තබාගෙන තිබෙනවා. ඒ නිසයි ඉදිරියෙන් සුළු තුවාලයක් සහ පිටුපසින් විශාල හානියක් සිදුව ඇත්තේ. ප්‍රභාකරන් හමුදාව විසින් පණපිටින් අල්ලාගෙන වධ දී ඝාතනය කළ බවක්, මම නම් කොහොමත් විශ්වාස කරන්නේ නැහැ.’’



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories