නුවර පෙරහැරේ ගමන් කළ ඇත් පැටියෙක් අත්අඩංගුවට

Monday, 31 August 2015 - 12:05

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හික්කඩුව - මාජුවාන ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ දහවල් පැවති පෙරහරකට රැගෙන ආ ලියාපදිංචිය සැක සහිත අලි පැටවෙකු සමඟ ඇත් ගොව්වන් දෙදෙනෙකු හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලි පැටවා සමඟ ඇත් ගොව්වන් දෙදෙනා හික්කඩුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දින ඉදිරිපත් කරන බවයි වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්.ඞී. රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මෙම අලි පැටවාගේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලිපි ලේඛණ මෙන්ම එහි සඳහන් වයසද සැක කටයුතු බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළා. එමෙන්ම අලි පැටවා පාදවලට දම්වැල් දමා හිංසාකාරී අන්දමින් රැගෙන විත් ඇති බවට අලි පැටවා පරීක්ෂා කළ පශූ වෛද්‍ය නිලධාරියාද තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙම අලි පැටවා පෙරහරකට යොදාගැනීම නුසුදුසු බවයි පශු වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශය වී ඇත්තේ.

කෙසේ වෙතත් වනජීවී නිලධාරීන් ඇත්ගොව්වන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම අලි පැටවා පසුගියදා අවසන් වූ මහනුවර ඇසළ පෙරහර සඳහාද සහභාගි කරවූ බවයි. ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ කටයුතු සිදුකරන බව වනජීවී නිලධාරින් සඳහන් කළා.

මේ අතර මහනුවර ඇසළ පෙරහරේ ගමන් ගන්නා අලි ඇතුන් පිරිසක් පොලිස් භාරයට ගැනීමේ සූදානමක් ඇති බවට පවසමින් ඇත් ගොව්වන් පිරිසක් පසුගිය සිකුරාදා මහනුවර අස්ගිරි මහා විහාරයට පැමිණියා. එහෙත් පෙර දැනුම්දීමකින් තොරව පැමිණීම නිසා ඔවුන්ට මහ නාහිමියන් හමුවීමට අවස්ථාවක් හිමිවුණේ නැහැ.

කෙසේ නමුත් බලපත්‍ර නොමැතිව දිවයිනේ විවිධ ප්‍රදේශවල රඳවා සිටින අලි පැටවුන් 55 දෙනෙකු පමණ වනජීවී භාරයට ගැනීමට නියමිත බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගියදා අනාවරණ වුණා.
 













ඡායරූප - අම්බලන්තොට තුෂාන්ත




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories