කථානායක පත් වෙනකන් ඕන තැනක් ඔට්ටුයි

Monday, 31 August 2015 - 12:52

%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%95%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B6%BA%E0%B7%92
ස්ථාවර නියෝගවලට අනුව නව පාර්ලිමේන්තුවේ කථානායකවරයෙකු තෝරාගන්නා තුරු මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඕනෑම ස්ථානයක අසුන් ගැනීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කළා. 8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය හෙට (01) උදෑසන 9.30 ට ආරම්භවීමට නියමිතයි. නව පාර්ලිමේන්තු සැසිවාරය හෙට ආරම්භවුවත් මන්ත්‍රීවරුන්ට සභා ගර්භයේ ආසන වෙන් කිරීම මෙතෙක් සිදුකර නොමැති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

හෙට පාර්ලිමේන්තුව ආරම්භයේ අසුන් වෙන් කර ඇත්තේ ජනාධිපති, අගමැති සහ දැනට දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් තිදෙනාට පමණයි.

පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ප්‍රථමයෙන් කථානායකවරයෙකු තෝරාගැනීමට නියමිතයි. ඉන් අනතුරුවයි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ දිවුරුම්දීම සිදු කෙරෙන්නේ. පසුව නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු තෝරාගැනීම සිදුකළ යුතු බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කියා සිටියේ. නැවත පාර්ලිමේන්තුව සවස 3 ට රැස්වන අතර, ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories