Update: ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැන පෙත්සම කල් යයි

Monday, 31 August 2015 - 14:19

Update%3A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස මැතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂකයන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම ලබන මස 10 වනදා දක්වා කල් දමා තිබෙනවා. ඒ පෙත්සමට අදාළ ලේඛන අධිකරණයට ලැබී නොමැතිවීම හේතුවෙන්. සන්ධාන ජාතික ලැයිස්තුවට ඇතුළත් වූ එහි විධායක සභික සහ මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි විසිනුයි මෙම පෙත්සම අධිකරණය හමුවේ පසුගිය 26 වනදා ගොනුකරනු ලැබුවේ.



Update: Monday, 31 August 2015 - 19:22
-----------------------------------------------
සන්ධානයේ ජාතික ලැයිස්තුවට එරෙහිව ගොනුකළ පෙත්සම කල් යයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස මැතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂකයන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම යළි සලකා බැලීම ලබන මස 10 වනදා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. ඒ, පෙත්සමට අදාළ ලේඛන අධිකරණයට ලැබී නොමැතිවීම හේතුවෙන්. අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, අනිල් ගුණරත්න සහ  ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම කැදවනු ලැබුවා.  

සන්ධාන ජාතික ලැයිස්තුවට ඇතුළත් වූ එහි විධායක සභික සහ මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි විසිනුයි පසුගිය 26 වනදා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරනු ලැබුවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට පරාජිත අපේක්ෂකයන් පත් කිරීමට විරෝධය පළ කරමින් මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි පසුගිය 22 වන දා නවගමුව පත්තිනි දේවාලයේ පොල් ගසා දේව කන්නලව්වක ද නිරත වුණා.  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories