අවිස්සාවේල්ලේ සිට අඹතලේ දක්වා කැළණි ඟගේ ඉවුරු විශේෂ පරීක්ෂාවකට

Monday, 31 August 2015 - 19:16

%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B9%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7
කැළණි ගඟට තෙල් මිශ්‍ර වීමේ සිද්ධියට සම්බන්ධ සමාගම වෙත යලිත් පරිසර ආරක්ෂණ බලපත්‍රය තාවකාලික පදනම මත ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ, කොන්දේසි කිහිපයකට යටත් කරමින්.

බියගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවකින් තෙල් මිශ්‍රිත අපජලය කැළණි ගඟට එකතු වීම නිසා එහි ජලය අපවිත්‍ර වූ අතර ඒ හේතුවෙන් පසුගිය 17 වැනිදා අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජලය සපයන ප්‍රදේශවලට ජලය බෙදා හැරීමේ ගැටළු මතු වුණා. මෙම ගැටළු පදනම් කර ගනිමින් අදාල පෞද්ගලික කර්මාන්තශාලාවේ පරිසර ආරක්ෂණ බලපත්‍රය ද නැවත දන්වන තුරු අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගත්තා. පසුව පැවති සාකච්ජාවකදී අදාල පෞද්ගලික සමාගම මෙම සිද්ධියේ වගකීම භාර ගනිමින් අඹතලේ ජල පොම්පාගාරයේ පිරිපහදු යන්ත්‍රවලට සිදු වූ හානිය සහ කැළණි ඟගේ තෙල් ඉවත් කිරීමට ගිය වියදම ප්‍රතිපූර්ණය කිරීමට එකඟ වුණා.

මේ අතර, ඉකුත් දා පැවති වර්ෂාවේ හේතුවෙන් කැලණි ඟගේ ජල මට්ටම ඉහල යාමත් සමඟ මීට පෙර කැළණි ගඟට මුසු වී එහි ඉවුරුවල සහ ගස් අතර රැදී තිබූ තෙල් නැවත වරක් ජලයට එක්වුණා. මේ නිසා අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශවලට ජලය බෙදා හැරීම යලිත් අත්හිටුවීමට ජලසම්පාදන මණ්ඩලය තීරණය කළා.

කෙසේ වෙතත් ඉදිරි සති කිහිපය තුල කැළණි ගඟට අපද්‍රව්‍ය මුදාහරින්නේ ද යන්න පිළිබඳව අවිස්සාවේල්ලේ සිට අඹතලේ දක්වා ඉවුරු පරීක්ෂාවට ලක් කරන බවයි මධ්‍යම පරිසර අධිකාරිය කියා සිටියේ.

මේ අතර පාරිභෝගිකයන්ට ලබාදෙන පානීය ජලය පිළිබඳ තමාට සහතික විය හැකි බවයි ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති අලහුඞීන් අන්සාර් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories