හම්බන්තොට දිස්ත්‍රික්කයේ අතිරික්ත වී අස්වනු ගබඩා කිරීම සඳහා අද සිට මත්තල ගුවන් තොටුපළේ භාවිතයට නොගන්නා ගබඩා සංකීර්ණ තාවකාලිකව භාවිතයට ගන්නා බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති එම්.බී. දිසානායක හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වී අස්වනු ගබඩා කිරීමට නොහැකි තත්ත්වයක් පසුගිය දිනවල මතුවී තිබූ බවයි. ඒ හේතුවෙන් විවිධ ස්ථාන මෙලෙස වී අස්වනු ගබඩා කිරීම සඳහා තෝරා ගත් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වී ගබඩා මධ්‍යස්ථාන 9 ක සහ අතුරු ගබඩා 120 ක ගබඩා කර ඇති වී මෙටි්රක් ටොන් 11,000 කට අධික ප්‍රමාණයක් කෘමි උවදුර හේතුවෙන් විනාශ වීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වාර්තාවක් ඉල්ලා තිබෙනවා. ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක විසින් ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාට ඊයේ දැනුම් දී ඇති බව සදහන්. පසුගිය මහ කන්නයේ වී මිලදී ගැනීම්වලදී යම් යම් අක්‍රමිකතා සිදුව ඇති බවට ද වාර්තා වන හෙයින් ඒ පිළිබඳ සොයා බලන ලෙසයි අග්‍රාමාත්‍යවරයා සිය ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ.

Follow US
Most Viewed Stories