Update: නව පාර්ලිමේන්තුවට පැමිණි ජනපතිගේ රාජාසන කථාව

Tuesday, 01 September 2015 - 15:08

Update%3A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F%E0%B7%83%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80
තම මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමී වන එක්සත් ජාතික පෙරමුණේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශන සළකා බලා රටේ ඉදිරි ප්‍රතිපත්ති සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ, අද (01) පාර්ලිමේන්තුවේදී රාජාසන කථාව සිදුකරමින්. බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුවයි රාජ්‍ය නායකයෙකු නව පාර්ලිමේන්තුවක් ඇමතීමේ අවස්ථාව රාජාසන කථාව ලෙස හැඳින්වෙන්නේ.

8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දෙවන අදියර අද පස්වරුවේ ආරම්භ වුණේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුවයි. එහිදී විශේෂ සමාරම්භක උත්සවයක්ද පැවැත්වුණා. එහිදී පළමුව සිදුවුණේ කතානායක කරූ ජයසූරියගේ සම්ප්‍රාප්තියයි. අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණි අතර, කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අග්‍රාමාත්‍යවරයා පිළිගත්තා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහි ළඟාවුණේ ඉන් අනතුරුවයි.

කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව අසලදී ජනාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපති උත්තමාචාර පිරිනැමීම සිදුවුණා. ඒ, ආචාර වෙඩි මුර 21 ක්ද පිරිනමමින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු සංකීර්ණය වෙත කැඳවාගෙන යනු ලැබුවේ ද කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින්. එහිදී 'ජයමංගල ගාථා' සහ 'දේවෝවස්සතු කාලේන' ගායනා කිරිම සිදුවුණා.



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු සභා ගර්භය වෙත සම්ප්‍රාප්ත වී රාජාසන කථාව සිදුකළේ ඉන් අනතුරුවයි. ජනාධිපතිවරයා සම්මුතිවාදී ආණ්ඩුවේ වැදගත්කම එහිදී   පැහැදිළි කළා. විධායක ජනාධිපති ක්‍රමය සහ නව මැතිවරණ ක්‍රමයක් සැකසීම සඳහා පාර්ලිමේන්තුවට බලය පවරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

රාජාසන කථාව සිදුකරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පොදු ස්ථානවලදී පෙළපත් නාමය භාවිතා කිරීමේදී යම්කිසි කෙනෙකු අපහසුතාවට පත්වේනම් ඔහුගේ කැමැත්ත මත පෙළපත් නාමය හෝ මුලකුරු පමණක් භාවිතා කළ හැකි බවයි.

යම් යම් හේතූන් මත  විදෙස් ගත වී සිටින බුද්ධිමතුන් ගෙන්වා ගැනීම සඳහා තමා යටතේ විශේෂ කාර්යාංශයක්ද පිහිටුවන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා. එමෙන්ම දූෂණය, වංචාව සහ නාස්තිය පිටුදැකීම තම රජයේ මූලික ප්‍රතිපත්තිය බවත් රාජ්‍ය දේපළ අවභාවිත කළ බවට චෝදනා එල්ලවී ඇති පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.



පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද  ගැලරියේ සිට ජනාධිපතිවරයාගේ රාජාසන කථාව නැරඹීම විශේෂත්වයක්.  

අනතුරුව පාර්ලිමේන්තුව අනිද්දා පෙරවරු 9.30 දක්වා කල් තැබුණු අතර ජනාධිපතිවරයා සභා ගර්භයෙන් නික්ම ගියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ නික්ම යන මොහොතේද ජනාධිපති උත්තමාචාර පිරිනැමීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් අනතුරුව නව මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා.




3.00 PM :
ජනපති පාර්ලිමේන්තුවට පැමිණේ

8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දෙවන අදියර මීට ටික වේලාවකට පෙර ආරම්භ වුණා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව ඇමතීම මෙහිදී සිදුවනවා. කෙසේ වෙතත් ඊට පෙර විශේෂ සමාරම්භක උත්සවයක්ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. එහිදී පළමුව සිදුවුණේ කතානායක කරූ ජයසූරියගේ සම්ප්‍රාප්තියයි. අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණියා. කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අග්‍රාමාත්‍යවරයා පිළිගත් අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහි ළඟාවුණේ ඉන් අනතුරුවයි. කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව අසලදී ජනාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපති උත්තමාචාර පිරිනැමීම සිදුවුණා. ඒ, ආචාර වෙඩි මුර 21 ක්ද පිරිනමමින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු සංකීර්ණය වෙත කැඳවාගෙන යනු ලැබුවේ ද කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින්. එහිදී ජයමංගල ගාථා ගායනය  සහ දේවෝවස්සතු කාලේන ගායනා කිරිම සිදුවුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු සභා ගර්භය වෙත සම්ප්‍රාප්ත වුණේ ඉන් අනතුරුවයි.

 මේ අතර පාර්ලිමේන්තුවේ අද පස්වරුවේ පැවැත්වෙන විශේෂ උත්සවය හේතුවෙන් මේ වනවිට පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. ඒ අනුව පස්වරු 4 දක්වා පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර දක්වා මෙන්ම ජයන්තිපුර සිට ජපන් මිත්‍රත්ව පාලම දක්වා වූ කොටසේද රථවාහන ගමනාගමනය සීමා කරනු ඇති. පොලීසිය ප්‍රකාශ කළේ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories