කරුණා කියන්නේ බොරු - ෆොන්සේකා

Wednesday, 02 September 2015 - 7:42

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+-+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සිය දිවි නසා ගත් බවට කරුණා අම්මාන් සිදුකරන ප්‍රකාශය අසත්‍ය බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ යුද්ධයේදී සිය පිස්තෝලයෙන් වෙඩි තබාගෙන දිවි නසාගෙන ඇති බවට විනයාග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙසයි.

කොටි සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ නායකයා ලෙස සිට පසුව ඉන් ඉවත්වී දේශපාලනයට එක්වූ කරුණා අම්මාන් දකුණු ඉන්දියාවේ පුදියතලෙයිමුරෙයි නමැති රූපවාහිනී සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ප්‍රභාකරන්ගේ මරණය ගැන පසුගියදා මෙම නව හෙළිදරව්ව සිදුකළා.  

එහෙත් එය අසත්‍යයක් බවයි හිටපු යුද හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories