විපක්ෂ නායක වෙල්ගමටද ? සම්බන්ධන්ටද ?

Wednesday, 02 September 2015 - 7:45

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7%E0%B6%AF+%3F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AF+%3F
විපක්ෂ නායක ධුරය තමන් වෙත ලබාදෙන ලෙස පාර්ශව දෙකක් මේ වන විට ඉල්ලීම් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විපක්ෂ නායකවරයා ලෙස පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 56 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාර දුන්නා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පත් කරන ලෙසද එමඟින් ඉල්ලීමක් කළ බවයි.

කෙසේ වෙතත් අටවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට ඊයේ සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම කියා සිටියේ තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු බැවින් එම තනතුරට තමා සුදුස්සෙකු බවයි.

මේ අතර විපක්ෂ නායක ධුරය සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් ආර්. සම්බන්ධන් ගේ නම යෝජනා කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories