මත්තලට වී අරන් ලොරි එයි - ඒ ලොරි මිනිස්සු නවත්තයි

Wednesday, 02 September 2015 - 13:13

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%91%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%92+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%94+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
මෙවර යල කන්නයේ රජය මිලදී ගැනීමට බලාපොරොත්තු වන වී තොග ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි දහසක්. අද (02) දිනය වනවිට මෙයින් මෙට්‍රික් ටොන් 75000කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන අවසන් බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත්වී අලෙවි මධ්‍යස්ථාන අසළ දක්නට ලැබෙන දිගු පෝලීම් මෙම වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක වී නැති බවට සාක්ෂි සපයනවා.
 
මේ අතර මත්තල ගුවන්තොටුපලේ භාණ්ඩ පර්යන්ත ගබඩාවේ වී ගබඩා කිරීමේ කටයුතු අද (02) ආරම්භ කෙරුණා. කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් සහ ගුවන්තොටුපලේ සේවකයන් පිරිසක් වී අස්වනු රැගෙන පැමිණි ලොරි රථ නවත්වමින් ඊට විරෝධය පළ කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.



වී ගබඩා පිරීයාම නිසා දින ගණනක් පෝලිම්වල සිටි ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තම අස්වනු අලෙවි කර ගැනීමට නොහැකි වූ බව ඊයේ වාර්තා වුණා. පසුගිය දින කිහිපය පුරා ගොවීන් තම අස්වනු අලෙවි කර ගැනීමට පැමිණ විවිධ ගැටලූවලට මුහුණ දුන් අතර, අඩු මුදලට වී අලෙවි කිරීමට තමන්ට සිදුවූ බවට ද ඔවුන් චෝදනා කළා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි අප වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී.දිසානායකගෙන් විමසූ අතර, ඔහු කියා සිටියේ ඒ සඳහා ජංගම මිලදී ගැනීමේ රථ යොදවන බවයි. අද සිට මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරීම් අරඹන බව ද සභාපතිවරයා එහිදී සඳහන් කළා.

කෙසේ වෙතත්, අද උදෑසන වී තොග රැගෙන මත්තලට පැමිණි ලොරි රථවලින් ගුවන්තොටුපල පරිශ්‍රයට ඇතුළුවීමට හැකිවී ඇත්තේ එක් ලොරියකට පමණයි. අනෙක් ලොරි නවත්වමින් ප්‍රදේශවාසීන් සහ ගුවන්තොටුපලේ සේවකයන් පිරිසක් විරෝධය පළ කිරීම ඊට හේතුවයි. විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ රටේ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් කර ගත හැකි මෙම ගුවන්තොටුපල වී ගබඩා කිරීම සඳහා යොදා ගැනීම දේශපාලන පලි ගැනීමක් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories