ජාතික ආණ්ඩුවට ඇමතිවරු 93ක්

Thursday, 03 September 2015 - 7:37

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+93%E0%B6%9A%E0%B7%8A
ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර පුළුල් කරගැනීම සඳහා අද (03) දිනයේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.  

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ කැබිනට් අමාත්‍ය ධුර 48 ක් මෙන්ම නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ධුර 45 ක් සඳහා අග්‍රාමාත්‍යවරයා මෙහිදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා සිටිනු ඇති බවයි. මේ අනුව අමාත්‍ය මණ්ඩලයේ මුළු සංඛ්‍යාව 93 ක් වනු ඇති.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ඒ සඳහා අද දිනයේදී විවාදයක් ද පැවැත්වීමට නියමිතව තිබෙන බවයි. ඉන් අනතුරුව ජාතික ආණ්ඩුවේ ඇමති ධුර පුළුල් කිරීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ද සිදුකෙරෙනවා.  

මේ අතර අද දිනයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා කවුරුන්ද යන්න කථානායකවරයා විසින් දැනුම්දීමටද නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විපක්ෂ නායකවරයා ලෙස පත්කරන ලෙස ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 56 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයාටද පසුගියදා භාරදී තිබුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 16 කට හිමිකම් කියන දෙමළ ජාතික සන්ධානයද තමන්ට විපක්ෂ නායක ධුරය හිමිවිය යුතු බවද කිිහිපවිටක් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මාධ්‍ය වෙත කියා සිටියේ විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් විස්මිත තීන්දුවක් ජනාධිපතිවරයා විසින් ලබාදෙනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories