Update : හිටපු විගණකාධිපති මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Thursday, 03 September 2015 - 8:54

Update+%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ අද සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඒ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුවයි. එහිදී ඔහු පෙන්වා දුන්නේ පසුගිය මහ මැතිවරණයේදී ජනතාව තමා වැනි වෘත්තිකයන් සහ බුද්ධිමතුන් ප්‍රතික්ෂේප කර  ඇති බවයි. ඒ අනුව ජනතා මතයට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම සදාචාරාත්මක නොවන බව තමාගේ හැඟීම යැයි ඉල්ලා අස්වූ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සරත් මායාදුන්නේ සඳහන් කළා.  

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡුන්ද සංඛ්‍යාව අනුව ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිවුණා. ඒ සඳහා හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ සහ මැතිවරණයට තරඟ කර පරාජයට පත්වූ සුනිල් හඳුන්නෙත්ති පත් කිරීමටයි ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළේ.

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ පත්කිරීම පිළිබඳව ජාතික ලැයිස්තුවට නම ඇතුළත්ව තිබූ නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය දැක්වූයේ විරෝධයක්. ඔහු කියා සිටියේ මැතිවරණයට පෙර ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට ප්‍රකාශ කළ අයුරින් ජාතික ලැයිස්තුවට නම ඇතුළත් කර තිබූ පුද්ගලයෙකුට එම අවස්ථාව ලබාදිය යුතු බවයි.

කෙසේ වෙතත් හිටපු විගණකාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වන මන්ත්‍රී ධුරයට කවුරුන් පත් කරන්නේද යන්න පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කරුණු විමසුවේ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙන්. එහිදී ඔහු කියා සිටියේ ජාතික ලැයිස්තුවට නම ඇතුළත් නොවූ පුද්ගලයෙකු ඒ සඳහා පත් කිරීමට තීරණය කර ඇති බවයි. ඔහු කවුරුන්ද යන්න හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළා.

පසුගිය මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ කේ. ඞී. ලාල්කාන්ත කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ බිමල් රත්නායක ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළා. ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන සමන්ත විද්‍යාරත්න තරඟ කළේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. නමුත් ඔවුන්ට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකිවූයේ නැහැ.

කෙසේ වෙතත් ලාල්කාන්ත හිටපු මන්ත්‍රීවරයා පසුගියදා ඔහු දැරූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඒ, ජාතික දේශපාලනයේ නිරතවිය යුතු බව පවසමින්.



Update : Thursday, 03 September 2015 - 12:52
----------------------------------------------
සරත් මායාදුන්නේ ඉල්ලා අස්වෙයි

තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අද දිනයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීම සඳහා කථානායකවරයාගෙන් අවසර ඉල්ලා ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories