Update : විපක්ෂ නායක ධුරය සම්බන්ධන්ට

Thursday, 03 September 2015 - 9:38

Update+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
8 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පිළිගන්නා බව කථානායකවරයා අද (03) නිවේදනය කළා. ඒ, පාර්ලිමේන්තුව අද පෙරවරු 9 යි 30ට ආරම්භ කළ අවස්ථාවේදියි. කථානායකවරයා සිය නිවේදන දැනුම්දෙමින් කියා සිටියේ විපක්ෂ නායක ධුරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බැවින් ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයා විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නා බවයි. විපක්ෂ නායක ධුරය තම පක්ෂයට ලබාදිය යුතු බව මීට පෙර  දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබුණා.  

මේ අතර විපක්ෂ නායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා නොදීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුව තුළ අද පෙරවරුවේ විරෝධතාවක් මතු කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් 56 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විපක්ෂ නායක කළ යුතු බවට ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකළ බවයි ඔහු එහිදී කියා සිටියේ. එම අවස්ථාවේදී උණුසුම් අදහස් හුවමාරුවක් සිදුවූ අතර, ඊට අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ සභා නායකවරයාද ඊට මැදිහත් වුණා.  පසුව කථානායක කරූ ජයසූරිය කියා සිටියේ විපක්ෂ නායකවරයා තෝරාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තුවට පැහැදිළි කිරිමක් සිදුකරන බවයි.



Update : Thursday, 03 September 2015 - 12:55
-------------------------------------------
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ආර්. සම්බන්ධන්

8 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පිළිගන්නා බව කථානායකවරයා අද (03) නිවේදනය කළා. ඒ, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට ආරම්භ කළ අවස්ථාවේදියි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තමන්ට ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය මීට පෙර ප්‍රකාශ කළා. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 56 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විපක්ෂ නායක කළ යුතු බවට ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමුකර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories