සම්බන්ධන්ට සහ අනුර කුමාරට තනතුරු දුන්නේ කොහොමද ?

Thursday, 03 September 2015 - 19:26

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF+%3F
විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයේ ආර්.සම්බන්ධන්ට සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකට ලබාදීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විරෝධය පළ කළා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (03) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඊට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ මන්ත්‍රී ධුර 13 ක් හිමි සන්ධානයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්වු අනෙකුත් පක්ෂවල නියෝජිතයෙකුට විපක්ෂයෙන් ප්‍රධාන සංවිධායක ධුරය හෝ ලබාදිය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories