තටු කොටස එම්.එච්.370 වේ බව සහතිකයි - ප්‍රංශය

Friday, 04 September 2015 - 7:46

%E0%B6%AD%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.370+%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA
ඉන්දීය සාගරයේ ප්‍රංශයට අයත් රීයූනියන් දිවයිනෙන් හමුවූ ගුවන් යානා තටු කොටස අතුරුදන්වූ එම්.එච් 370 මලයාසියානු ගුවන් යානයේ බව සහතික යැයි ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ප්‍රංශ ගුවන් සේවා විශේෂඥයන් පවසනවා. එයාර් බස් ආරක්ෂක සහ ගගන ආයතනය මගින් එම කොටසේ පැවති කේත අංක එම්.එච්. 370 යානයේ එම අංකවලට සමාන බව හඳුනා ගැනීම ඊට හේතුවයි. පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු මාසයේදී එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානය අතුරුදන් වූයේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා ගමන් ගනිමින් සිටියදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories