අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද

Friday, 04 September 2015 - 7:57

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සහ අනෙකුත් අමාත්‍ය ධුරවලට අනුමැතිය ලබාගැනිම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එහිදී පක්ෂව ඡන්ද 143 ක් හිමි වූ අතර, ඊට විපක්ෂව හිමිවූයේ ඡන්ද 16 ක් පමණයි. ඡන්දය විමසන අවස්ථාවේ 63 දෙනෙකු සභාවේ රැඳී සිටියේ නැහැ. ඒ අනුව වැඩි ඡන්ද 127 කින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මේ අතර, නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම්දීමට නියමිතයි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එක්වනවා. කැබිනට් අමාත්‍යවරු 48 දෙනෙකු, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු 45 දෙනෙකු අද දිනයේ දිවුරුම්දීමට නියමිතයි. ඒ අනුව, ජාතික ආණ්ඩුවේ මුළු අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 93 ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories