දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩල ලැයිස්තුව

Friday, 04 September 2015 - 11:03

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරුන් 42 දෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් අතරට නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ද අයත්. මීට පෙර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර, කැබිනට් අමාත්‍යවරුන් 48 දෙනෙකු පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඊයේ හිමිවුණා.

1. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍ය - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

2. සංචාරක සංවර්ධන සහ ක්‍රිස්ත්‍රියානි කටයුතු අමාත්‍ය - ජෝන් අමරතුංග

3. තිරසාර සංවර්ධන සහ වනජීවි අමාත්‍ය - ගාමිණී ජයවික්‍රම පෙරේරා

4. ප්‍රවාහන අමාත්‍ය - නිමල් සිරිපාල ද සිල්වා

5. සමාජ සවිබල ගැන්වීම සහ සුබසාධන අමාත්‍ය - එස්.බී. දිසානායක

6. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය - ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න

7. විශ්ව විද්‍යාල, අධ්‍යාපන සහ මහ මාර්ග අමාත්‍ය - ලක්ෂ්මන් කිරිඇල්ල

8. ආපදා කළමනාකරණ අමාත්‍ය - අනුර ප්‍රියදර්ශන යාපා

9. තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය - සුසිල් ප්‍රේම්ජයන්ත්

10. නීතිය හා සාමය, බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය - තිලක් මාරපන

11. සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය - රාජිත සේනාරත්න

12. මුදල් අමාත්‍ය - රවී කරුණානායක

13. නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය - මහින්ද සමරසිංහ

14. ස්වදේශ කටයුතු අමාත්‍ය - වජිර අබේවර්ධන

15. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය - එස්.බී. නාවින්න

16. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය - පාඨලී චම්පික රණවක

17. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය - මහින්ද අමරවීර

18. වැවිලි කර්මාන්ත අමාත්‍ය - නවීන් දිසානායක

19. විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය - රංජිත් සියඹලාපිටිය

20. කෘෂිකර්ම අමාත්‍ය - දුමින්ද දිසානායක

21. බුද්ධශාසන අමාත්‍ය - විජේදාස රාජපක්ෂ

22. ග්‍රාමීය ආර්ථික අමාත්‍ය - පී. හැරිසන්

23. රාජ්‍ය පාරිපාලන හා කළමනාකරණ අමාත්‍ය - රංජිත් මද්දුමබණ්ඩාර

24. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය - ගයන්ත කරුණාතිලක

25. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය - සජිත් ප්‍රේමදාස

26. වරාය හා නාවික කටයුතු අමාත්‍ය - අර්ජුන රණතුංග

27. ඉඩම් අමාත්‍ය - එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන

28. කඳුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය - පී. දිගම්බරම්

29. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය - චන්ද්‍රානි බණ්ඩාර

30. විදේශ රැකියා අමාත්‍ය - තලතා අතුකෝරල

31. අධ්‍යාපන අමාත්‍ය - අකිල විරාජ් කාරියවසම්

32. පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු අමාත්‍ය - ඩී.එම්. ස්වාමිනාදන්

33. ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය - චන්දිම වීරක්කොඩි

34. ක්‍රීඩා අමාත්‍ය - දයාසිරි ජයසේකර

35. දක්ෂිණ සංවර්ධන අමාත්‍ය - සාගල රත්නායක

36. විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය - හරීන් ප්‍රනාන්දු

37. ජාතික සංවාද අමාත්‍ය - මනෝ ගනේෂන්

38. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය - දයා ගමගේ

39. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය - රිෂාඩ් බදියුදීන්

40. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය - කබීර් හෂීම්

41. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය - රවුෆ් හකීම්

42. තැපල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය - මොහොමඩ් හලීම්





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories