විපක්ෂ නායක ආර්.සම්බන්ධන් නොසිටින අවස්ථාවක ධුරයේ වැඩ බැලීම සඳහා වැඩබලන විපක්ෂ නායක ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා පත් කර තිබෙනවා. ඒ අනුව විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමේන්තුව තුළ නොමැති අවස්ථාවක සහ විදෙස් ගත වූ අවස්ථාවක මාවෙයි සේනාධිරාජා, වැඩබලන විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරනු ඇති.
හිරු ප්රවෘත්ති අංශයට මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සෙල්වම් අඩෙක්කලනාදන් ප්රකාශ කළේ සංහිඳියාව වෙනුවෙන් ඇති සූදානම පෙන්වීම සඳහා විපක්ෂයේ ප්රධාන සංවිධායක ධුරය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ලබාදුන් බවයි.

Follow US
Most Viewed Stories