සිරියානු සංක්‍රමණිකයන් ඔස්ට්‍රියාවට සහ ජර්මනියට

Sunday, 06 September 2015 - 10:34

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
දින කිහිපයක් තිස්සේ හංගේරියාවේ සිරවී සිටි සිරියානු සංක්‍රමණිකයන් දහස් ගණනක් දේශසීමා විවෘත කිරීමෙන් පසු ඔස්ට්‍රියාවට සහ ජර්මනියට පැමිණ තිබෙනවා. ඔස්ට්‍රියානු දේශ සීමාවට පැමිණි සංක්‍රමණිකයන්ගෙන් කොටසක් වියෙනා නුවරටත්, තවත් පිරිසක් ජර්මනියටත් ගොස් ඇත්තේ දුම්රියෙන්.

ඔවුන් දකුණු දිග ජර්මනියේ පිහිටි මියුනිච් නගරයට ළඟාවූ බවට විදෙස් වාර්තා සඳහන් කළා.

සිරියාවේ සහ ඉරාකයේ සහ ලිබියාවේ යුද්ධ නිසා අවතැන්වූ පිරිස් මෙලෙස යුරෝපයට පලා යන අතර ඔවුන්ට හංගේරියාව පසුකර යාමට දුෂ්කර වූයේ එරට බලධාරීන් ඔවුන් නතර කිරීම හේතුවෙන්. සංක්‍රමණිකයන් භාරගැනීමට ඔස්ට්‍රියාව සහ ජර්මනිය කැමැත්ත පළ කිරීමත් සමඟයි ඔවුන් හංගේරියාවෙන් මුදාහැර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories