අගමැති ඉන්දියාවට

Sunday, 06 September 2015 - 12:58

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92++%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන 14 වනදා ඉන්දියාවේ තුන්දින නිල සංචාරයක් ආරම්භ කරනවා. නැවත අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසු  රනිල් වික්‍රමසිංහගේ ප්‍රථම විදෙස් සංචාරය වන්නේද මෙයයි.

අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර  මෝදි සමඟ සැප්තැම්බර් 15 වනදා නවදිල්ලියේදී නිල සාකච්ඡාවල නිරතවනු ඇති. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය පිළිබඳව එරට පුවත්පත් අද (06) විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබුණා.

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කළේ ඉන්දු - ශ්‍රී ලංකා නායක හමුවේදී දෙරට අතර, ආර්ථික සබඳතා පිළිබඳ විශේෂ අවධානයක් යොමුවනු ඇති බවයි.

ඉන්දියාවේ රාමේෂ්වරමේ සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා ගොඩබිම් පාලමක් තැනීම පිළිබඳව නායකයන් දෙදෙනාම මේ වනවිට කැමැත්ත පළ කර ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා.

ජිනීවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී  ලංකාව පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අවස්ථාවක සිදුවන ඉන්දු - ශ්‍රී  ලංකා නායක හමුව විශේෂ වැදගත්කමකින් යුක්ත වනවා. පසුගිය ජිනීවා සැසිවාරයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්ථාවරයට සහය පළ කළ බවයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කළේ.

ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර  මෝදි අතර පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමුවනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories