ඇමති එස්.බී. හිනා වේවි කියන කතාව

Monday, 07 September 2015 - 11:11

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.+%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9A%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
මහනුවරදී අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මෙවර පාර්ලිමේන්තුවේ ධූර පිරිනැමීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී ඔහු පවසා සිටියේ සම්බන්දන්ට විපක්ෂ නායක ධුරය හිමි වීම සාධාරණ බවයි.

එස්.බී. දිසානායක - අමාත්‍ය සමාජ සවිබල ගැනීමේ සහ සුබ සාධන

ප්‍රධාන පක්ෂ දෙක ජාතික ආණ්ඩුවකට ආවාට පස්සේ ඊළග ප්‍රධාන පක්ෂයට විපක්ෂ නායකකම යාම තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒක තමයි සදාචාරය. ඉතිං ඒ නිසා ටී.එන්.ඒ. නායකතුමාට විපක්ෂ නායක තනතුර ගියා. ඒ වගේම ඊළග පක්ෂයට විපක්ෂයේ සංවිධායකකම හම්බවුණා., ජනතා විමුක්ති පෙරමුණට. මේක හොඳ ලක්ෂණයක්. හැබැයි සමහර තනතුරුවලින් හානියක් වන බවට පේනවානම් රටේ ඒකීයභාවයට තර්ජනයක් වන බවට පේනවානම් ජාතික ආරක්ෂාවට අනතුරක් වෙනවා කියලා අපි ලිඛිතව දැනුම් දුන්නොත් අනාගතයේදී අවශ්‍ය වෙනස්කම් කර ගන්න පුළුවන්. සම්බන්දන් මන්ත්‍රිතුමා විපක්ෂ නායකවරයා වෙලා කිව්වා මම මේ රටේම විපක්ෂ නායකවරයා හැටියට සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ විපක්ෂ නායකවකරයා හැටියට වැඩ කරනවා කියලා. ඒක ශ්‍රේෂ්ඨ කියමනක්.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories