කුරුණෑගල සංවර්ධන කමිටු සභාපති ධුරයට මහින්ද රාජපක්ෂ

Monday, 07 September 2015 - 19:30

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82
දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපති ධුරයන් ලබාදීම සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් සඳහා කෙටුම්පත සකස් කිරීම අවසන් අදියරේ පවතින බව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක පවසනවා. ඉදිරි සති දෙක ඇතුළත අදාළ කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. මෙවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුරයන් කැබිනට් අමාත්‍යවරුන් නොවන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. තවත් විශේෂත්වයක් වන්නේ එම සභාපති ධුරය අදාළ දිස්ත්‍රික්කය මහමැතිවරණයේදී ජයග්‍රහණය කළ පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමයි.  

එක්සත් ජාතික පක්ෂයට දිස්ත්‍රික් සංවර්ධන සභා කමිටු 11ක සභාපති ධුර හිමිවීමට නියමිතයි. ඒ, ඔවුන් මහමැතිවරණයේදී දිස්ත්‍රික්ක 11ක් ජයග්‍රහණය කිරීම හේතුවෙන්. එක්සත් ජනතා නිදහස් සන්ධානයට දිස්ත්‍රික් සංවර්ධන කමිටු 8ක සභාපති ධුරය ද, දෙමළ ජාතික සන්ධානයට දිස්ත්‍රික් සංවර්ධන කමිටු 3ක සභාපති ධුරය ද හිමි වනු ඇති.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට කොළඹ, ගම්පහ, මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, බදුල්ල, පුත්තලම, පොළොන්නරුව, දිගාමඩුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සංවර්ධන කමිටු සභාපති ධුරය හිමිවීමට නියමිතව තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර, කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල සංවර්ධන කමිටු සභාපති ධුරය හිමි වන අතර, දෙමළ ජාතික සන්ධානයට හිමි වන්නේ යාපනය, වන්නි සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල සංවර්ධන කමිටුවල සභාපති ධුරයයි.

කුරුණෑගල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ නිදහස් සන්ධානයට යටතේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 8 දෙනෙකු තේරී පත්වූ අතර ඉන් දයාසිරි ජයසේකර සහ අනුර ප්‍රියදර්ශන යාපා දැනටමත් කැබිනට් අමාත්‍ය ධුර භාරගෙන සිටිනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිදහස් සන්ධානයේ මනාප ප්‍රතිඵලයට අනුව ඉදිරියෙන් සිටින මහින්ද රාජපක්ෂ හෝ ජොන්ස්ටන් ප්‍රනාන්දුට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටුවේ සභාපති ධුරය හිමිවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සංවර්ධන කමිටුවල සභාපති ධුරය දරන මහජන නියෝජිතයින්ට හිමි වන බලතල සහ වරප්‍රසාද පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි අග්‍රාමාත්‍ය ලේකම්වරයා සදහන් කළේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ මන්ත්‍රීවරුන් පාලන තන්ත්‍රයට හවුල් කර ගැනීමේ පියවරක් ලෙස මෙම සංවර්ධන කමිටු සභාපති ධුර නව ක්‍රමවේදයකට අනුව සකස් කිරීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories