රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ජංගම දුරකථනය හමුවේ

Tuesday, 08 September 2015 - 7:59

%E0%B6%BB%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
අභිරහස් ලෙස මිය ගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ජංගම දුරකථනය නුවරඑළිය - ආගරපතන ප්‍රදේශයේ පුද්ගලයෙකු සන්තකයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ 2012 වසරේ තාජුඞීන්ගේ මරණයට සම්බන්ධ රිය අනතුරේදී කිසියම් පුද්ගලයෙකු මෙම ජංගම දුරකථනය අසුලාගෙන ඇති බවයි.

නාරාහේන්පිට - ශාලිකා ක්‍රීඩාංගණය ඉදිරිපිට මාර්ගයේ තිබී ඒ ආසන්නයේ වෙළදසැලක සේවකයෙකු මෙම දුරකථනය අසුලාගෙන ඇති අතර පසුව ඔහුගේ පුත්‍රයාට ලබාදී තිබෙනවා.

ජංගම දුරකථනය ලබාගත් පුද්ගලයා ආගරපතන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. තාජුඩීන්ගේ ජංගම දුරකථනයේ කේත අංකය මාර්ගයෙන් එය හඳුනා ගැනීමට හැකිව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. මීට සති තුනකට පෙර අදාළ ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයා ගනු ලැබූ බවත් ඔහු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories