අද වැඩ අල්ලපු ඇමතිවරු

Tuesday, 08 September 2015 - 13:22

%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94
නව රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද දිනයේ ද සිය අමාත්‍යාංශවල වැඩ භාර ගත්තා.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ, පෙරවරුවේ වැඩ භාර ගත්තේ අධිකරණ අමාත්‍යාංශයේදියි. එහිදී අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේ ජාතික ආණ්ඩුවේ ඉදිරි වසර දෙක තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවයි.

කම්කරු අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න අද වැඩ භාර ගත්තේ නාරාහේන්පිට පිහිටි එම අමාත්‍යාංශයේදියි.

ඛනිජ තෙල් සහ පෙට්ට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි අද වැඩ භාර ගත්තේ කොළඹ 7 පිහිටි එම අමාත්‍යාංශ කාර්යාලයේදියි. වැඩ භාර ගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා නව ගබඩා පද්ධතියක් ඇති කිරීමට කටයුතු කරන බවයි.  

ධීවර කටයුතු සඳහා වන  තාක්ෂණය දියුණු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ අද එම අමාත්‍යාංශයේ වැඩ බාර ගනිමින්.

මීට අමතරව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක,  කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සහ ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් ද අද එම අමාත්‍යාංශවල වැඩ බාර ගත්තා.















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories