දළදා මාළිගාවේ දියවඩන නිලමේ තරඟයෙන් දෙදෙනෙකු ඉවතට

Tuesday, 08 September 2015 - 15:17

%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%A9%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර සඳහා ඉදිරිපත්ව සිටි ඇම්බැක්ක කතරගම දේවාලයේ බස්නායක නිලමේ සුදන්ත සේනානායකගේ සහ චමිල කෝණාරගේ අපේක්ෂත්වය අහෝසි වී තිබෙනවා. ඒ, නිලවරණයේදී කිසිවෙකුත් ඔවුන්ගේ නම්, යෝජනා ස්ථිර නොකිරීම හේතුවෙන්. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ නිලවරණය දැන් පැවැත්වෙන්නේ මහනුවර බෞද්ධ මන්දිරයේදියි. ඒ සඳහා අපේක්ෂකයන් හයදෙනෙකු ඉදිරිපත්ව සිටි අතර, වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, හිටපු දියවඩන නිලමේවරයෙකු වන නෙරංජන් විජේරත්න, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ ගයාන් හෂිල හීන්කෙන්ද, සහ ඇම්බැක්ක කතරගම දේවාලයේ බස්නායක නිළමේ සුදන්ත සේනානායක මෙන්ම රත්නපුර චමිල කෝණාර සහ තරිඳු කෞෂල්‍ය දෑල යන අය ඊට ඇතුළත්. සුදන්ත සේනානායක ඉවත්වීමත් සමඟ මෙය අපේක්ෂකයන් සිව්දෙනෙකු අතර නිලවරණයක් බවට පත්ව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories