පැමිණිලි ගොනු කරන්නේ සාක්ෂි මත මිස කටකතා මත නොවේ

Wednesday, 09 September 2015 - 7:47

%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B8%E0%B7%92%E0%B7%83+%E0%B6%9A%E0%B6%A7%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A
අපරාධමය වරදක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනුකළ හැක්කේ එම වරද සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක සහ අධිකරණය ඉදිරියේ පිළිගත හැකි සාක්ෂි පැවතුනහොත් පමණක් බව නීතිපති වයි.ජේ.ඩබ්ලිව්. විජේතිලක පවසනවා. නීතිපතිවරයා මේ බව සඳහන් කරන්නේ ඇවන්ගාඞ් නඩුව සහ කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් සම්බන්ධව සිදුවන විමර්ශනයන් පිළිබඳව සඳහන් කර නිවේදනයක් නිකුත් කරමින්. එම විමර්ශන පිළිබඳව ජනමාධ්‍ය හරහා පළවූ වාර්තා සැළකිල්ලට ගෙන අදාළ නිවේදනය නිකුත් කරන බව ද නීතිපතිවරයා සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත්, නීතිපති වයි.ජේ. ඩබ්ලිව්. විජේතිලක නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් කළ සාක්ෂි මත පිහිටා ඇවන්ගාඞ් නඩුව සම්බන්ධයෙන් ක්‍රියාකර ඇති බවයි. එම නඩුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් නීතිපති දෙපාර්තමේන්තුවට නිරික්ෂණ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ගිනි අවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය පනත හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකරනු ලැබූ කිසිදු වරදක් පිළිබඳව කරුණු අනාවරණ වී නොමැති බවයි නීතිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට දක්වා ඇති දායකත්වය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සම්පූර්ණයෙන් නිමා කර නැහැ. අභියාචනාධිකරණය මගින් දන්වා ඇති පරිදි ඔහුගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණයෙන් සාධාරණ කාලයක් ඉල්ලා තිබෙනවා. එසේම කේ. පී. සම්බන්ධයෙන් චෝදනා ගොනු නොකරන බවට කිසිදු දැනුම්දීමක් අධිකරණයට සිදු නොකළ බව ද නීතිපති වයි.ජේ. ඩබ්ලිව්. විජේතිලක පෙන්වා දෙනවා.

ඒ අනුව, අපරාධමය වරදක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනුකළ හැක්කේ අධිකරණය ඉදිරියේ අනුගමනය කළ හැකි සාක්ෂි පැවතුනහොත් පමණක් බව අවධාරණය කරන නීතිපතිවරයා ප්‍රවාදක සාක්ෂි හෝ මහජනයා අතර පැතිරෙන කටකතා මත ක්‍රියා නොකරන බව ද සඳහන් කර තිබීම විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories