UNP - කැබිනට් 33, රාජ්‍ය 11 සහ නියෝජ්‍ය 11 - SLFP - කැබිනට් 13, රාජ්‍ය 08ක් සහ නියෝජ්‍ය 13

Wednesday, 09 September 2015 - 13:08

UNP+-+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+33%2C+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+11+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+11+-++SLFP++-+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+13%2C+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+08%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+13
අද (09) දිවුරුම් දුන් අමාත්‍යවරුන්ද සමඟ ජාතික ආණ්ඩුව තුළ එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 33 ක්. රාජ්‍ය අමාත්‍යධුර 11ක් සහ නියෝජ්‍ය අමාත්‍යධුර 11ක් ද එම පක්ෂයට හිමිව තිබෙනවා. නිදහස් පක්ෂයට දැනට හිමිව ඇති කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 13ක්. රාජ්‍ය අමාත්‍යධුර 08ක් සහ නියෝජ්‍ය අමාත්‍යධුර 13ක් එම පක්ෂයට හිමිවුණා.

නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වූ අතර, එම සන්ධානයේ අනෙකුත් සුළු පක්ෂ කිසිවක් අමාත්‍යධුර භාරගෙන නැහැ.

සන්ධානයට සහය පළ කළ ඊ.පී.ඞී.පී. සංවිධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වු ඩග්ලස් දේවානන්දා සහ සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ලංකා කම්කරු කොංග්‍රසයේ ආරුමුගම් තොණ්ඩමන් මන්ත්‍රීවරයාටද අමාත්‍ය ධුරයක් හිමිවී නැහැ.

මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 95 දෙනෙකු පාර්ලිමේන්තුවට පත්වුණා. ඉන් 13 දෙනෙකු සුළු පක්ෂ නියෝජනය කරනවා. නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 82 ක්. මේ අනුව නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අසූ දෙකෙන් 34 දෙනෙකුම විවිධ අමාත්‍යධුරවල දැනටමත් දිවුරුම් දී අවසන්.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව කැබිනට් අමාත්‍යධුර 48 ක් පවතින අතර, ඉන් දැනට පත්කර ඇත්තේ 46 දෙනෙකු පමණයි. රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර 45ක් පත් කළ හැකි වූවත්, පත්කර ඇත්තේ 43 ක්.

අද දිවුරුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සලකා බැලීමේදී විශේෂත්වයන් කිහිපයක් හඳුනාගත හැකියි. එහි සුවිශේෂී කරුණක් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි ඔහු කුරුණෑගලට ගෙන ඒමට මූලික වූ ටී.බී. ඒකනායක මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍ය ධුරයක් භාර ගැනීමයි. රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ටී.බී. ඒකනායක මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් සැළකිල්ලට  ගෙන තමන් අමාත්‍ය ධුරයක් ලබාගත් බවයි.

 මීට අමතරව ඩිලාන් පෙරේරා, සුමේධා ජයසේන, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටිගම, නිමල් ලාන්සා යන හිටපු ජනාධිපතිවරයාට දැඩි හිතවත්කම් දැක්වු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නා.

දින සියයේ ආණ්ඩුව යටතේ කටයුතු කළ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් බොහෝදෙනෙකුට මෙවර අමාත්‍ය ධුර අහිමි වූවද, ඇතැම් ඒවායෙහි වෙනස්කම් පවතිනවා. දින සියයේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙකු වූ ඒ.එච්.එම්.ෆවුසිට සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධනට මෙවර හිමිව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ධුර දෙකක්.

දින සියයේ ආණ්ඩුවේ නිවාස සහ සමෘද්ධි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර පසුව ඉල්ලා අස්වු ඩිලාන් පෙරේරාට මෙවර හිමිව ඇත්තේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයයි.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාලිත රංගේ බණ්ඩාරට මෙවර නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය ධුරය හිමිව තිබෙනවා. ඊට අමතරව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ නිරෝෂන් පෙරේරාට මෙවර ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය හිමිවුණා.

මේ අතර, වී.රාධක්‍රිෂ්ණන්, දිලිප් වෙදආරච්චි සහ රුවන් විජේවර්ධන දින සියයේ දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරවලටම මෙවරද පත්ව තිබෙනවා.

එමෙන්ම, පසුගිය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චම්පිකා ප්‍රේමදාස, විජයකලා මහේෂ්වරන්, සුජීව සේනසිංහ, වසන්ත සේනානායක, වසන්ත අලූවිහාරේ සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මෙවර රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස නම් කර තිබීමද විශේෂත්වයක්.

 එමෙන්ම, විජයකලා මහේෂ්වරන් දින සියයේ ආණ්ඩුවේ කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ අතර, මෙවර ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙසයි දිවුරුම් දෙනු ලැබුවේ.

අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සුජීව සේනසිංහ මෙවර ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇති අතර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ වසන්ත සේනානායක මෙවර වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වුණා.

උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරියක ලෙස කටයුතු කළ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට මෙවර හිමිව ඇත්තේ නගර සැලසුම් සහ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරයයි.

දින සියය ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ කිහිප දෙනෙකුගේද මෙවර විෂයන් වෙනස් වී තිබෙනවා.

නිවාස හා සමෘද්ධි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමීර් අලී මෙවර පත්කර ඇත්තේ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

ග්‍රාමීය ආර්ථිකය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලසන්ත අලගියවන්නට මෙවර මහාමාර්ග හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිවුණා.

නාගරික සංවර්ධන හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දුනේෂ් ගන්කන්දට ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ධුරයත්, වාරිමාර්ග හා කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කළ අනෝමා ගමගේට ඛනිජ තෙල් හා පෙට්රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයත් හිමිවුණා.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය රජයේ කටයුතු කළ හර්ෂ ද සිල්වා මෙවර විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය හිමිව ඇති අතර එම නියෝජ්‍ය අමාත්‍ය  ධුරයේ මීට පෙර කටයුතු කළ අජිත් පී පෙරේරාට හිමිව ඇත්තේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධුරයයි.

මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබෙනවා.

සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය රජයේ කටයුතු කළ රන්ජන් රාමනායකට හිමිව ඇත්තේ සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධූරයයි.

මේ අතර ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් දයා ගමගේ ගේ බිරිද වන අනෝමා ගමගේ අද නියෝජ්‍ය අමාත්‍යවරියක් ලෙස දිවුරුම් දීමට නව ආණ්ඩුවේ තවත් විශේෂත්වයක්.

එමෙන්ම අලූතින් පාර්ලිමේන්තුවට පිවිස මුල්වරට නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා ගත් පිරිසක් වනවා. අනුරාධ ජයරත්න, සාරති දුෂ්මන්ත, නිමල් ලන්සා සහ කරුණාරත්න පරණවිතාන මෙලෙස පාර්ලිමේන්තුවට අලූතින් පිවිස නියෝජ්‍ය අමාත්‍ය ලබා ගත් පිරිසට අයත්.

කෙසේ වෙතත් දින 100 ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යධුර දරා ඉවත්වූ පවිත්‍රා  වන්නිආරච්චිට සහ සී.බී. රත්නායකට මෙවර කිසිදු අමාත්‍ය ධුරයක් හිමිව නැහැ.
  
----------------------UPDATE-------------------------------

රාජ්‍ය ඇමතිවරුන් 19ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 21 ක් දිවුරුම් දෙයි

නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම පිරිස ඇමතුවා.

"මම ඉතාමත් සතුටු වෙනවා  තමුන්නාන්සේලා වැනි, රට වෙනුවෙන් කැප වෙන්න වෙර දරන පිරිස් ඉදිරියේ වචන කීපයක් කතා කිරීමට හැකි වීම ගැන..මගේ ආශීර්වාදය මෙන්ම සුබ පතනවා මේ යුගයට අවශ්‍ය වෙනස්කමක් කිරීම සඳහා ඔබ දෙන දායකත්වයට...

අපට බොහෝ දුර  ගමනක් යන්න තිබෙනවා.. ඒ ගමන කටුකයි..මම ජනාධිපති වූයේත්, රනිල් වික්‍රමසිංහ අගමැති වූයේත්,  ඔබතුමාලා ඇමතිකම් ගන්නෙත් පහසු සුපිරි කාර්යක් සඳහා නොවෙයි.   දේශපාලනයේ තිබෙන කටුක බව දේශපාලනයේ තිබෙන අභියෝගාත්මක බව අපි කවුරුත් පිළි ගන්නවා...

බලය සමග සුන්දර දේශපාලනයේ යෙදෙන්න පුළුවන්...එත් ඒ සුන්දර දේශපාලනය සමග අවිනීතකම් ඇතිවෙනවා.... අපි කරන්න ඕනේ කටුක බව තියාගෙන අභියෝගාත්මක දේ....  අපි ඒ දේ කරන්නේ රටක් සහ ජනතාවක් වෙනුවෙන්....

නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් මේ රට ගොඩනගන්න යම්කිසි කාල සීමාවක් එකට වැඩ කරන්න ඔබ තුමාල කැමැත්ත දුන්න... එකට මම ස්තුති වන්ත වෙනවා....

 මේකට ආරම්භයේ සිටම ගල්මුල් වදිනවා... සමහරු හඳුන්වනවා මමත් අගමැතිතුමාත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයයකට අහුවෙලා කියල...එකට මම උත්තර දෙන්නේ නෑ ... ඉදිරි කාලයේ අපේ වැඩ තුළින් ඒ දේ පෙන්වන්නම්...සැබෑ ලෙසම අපි මේ රටට ආදරේ කරන මිනිස්සු කියන එක....

අපි කිසිම විදේශ බලපෑමකට යටත් වෙන්නේ නැහැ... අපිට මේ රටේ කීර්තිමත් ඉතිහාසයේ අප කළු ලප ඇතිකරන්න ඉඩ තියන්නේ නැහැ... බෞද්ධයින් වේවා.. කතෝලික ..හින්දු වේවා... ඉස්ලාම් වේවා... හැමෝම කියන්නේ මිනිසුන්ගේ යහපත උදෙසා මිනිසුන් එක්වීම පිළිබඳ හා වෙන්වීම පිළිබඳවයි...

ජාතික ආණ්ඩු සංකල්පයක් ඉදිරිපත් කරේ මේ රටේ අනාගතය වර්තමානය සුඛිත මුධිත කිරීම සඳහායි... අපිට පැහැදිලිවම මේ ආණ්ඩුවේ හැදිලි තිබෙන සංයුතියත් එක්ක ඉතා පැහැදිලිව කියන්න ඕනේ සමහර අය කියනවා මේ ආණ්ඩුව වැඩිකල් යන්නේ නැහැ කියලා .....

 2020ට මෙහා කිසිම කෙනෙක් ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන්න එපා... කව්රු කොහොම කිව්වත් ස්ථාවර ආණ්ඩුව අපේ ආණ්ඩුවයි... ඒක වෙනස් කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ.... එක ස්ථිරවම කියනවා..

ප්‍රධාන පක්ෂ දෙකේ එකතුවත් එක්ක මේ රට ගොඩනගන්නයි උත්සාහය... දශක දෙකක් තිස්සේ ගහගත්තු අපි මරාගත්තු අපි ඒ අපකීර්තිමත් දේශපාලන සංස්කෘතිය අවසන් කළා.... ඒ නිසා අපි සෑම කෙනෙක්ම අපේ හෘද සාක්ෂියට අනුව වැඩ කරමින් දුෂණ අක්‍රමිකතා වැනි දේවල්වලට අහු නොවී වැඩකිරීමට හැමෝම වගකීමෙන් සිතන්න ඕනේ.... "




  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - නව රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අමතමින් ...

අපි ආරම්භ කරපු ජාතික ආණ්ඩුව සැදීම පළමු පියවර අවසන්... කැබිනට් මණ්ඩලයත් රැස්වෙලා ප්‍රථම සාකච්ඡාවත් පැවැත් වුවා. මේක දේශපාලන විප්ලවයක්. ප්‍රධාන පක්ෂ දෙක ගිවිසුමක් අනුව එකට වැඩ කරනවා. අපේ ජනතාවගේ බලාපොරොත්තුවක් තිබෙනවා ජාතික ආණ්ඩුවෙන් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙයි කියලා.

මෙතන ඉන්නේ මෙතෙක් කල් ප්‍රධාන පිල් දෙකට බෙදිලා ගහගත්තු අය. අපි එකට එකතු වෙලා වැඩ කරගෙන යන්න ඕනේ. අපි ද්‍රවිඩ සන්ධානයේත්, ජනතා විමුක්ති පෙරමුණේ අදහස් ඇතුව ඉදිරියට යන්න ඕනේ. අපිට අලුත් ගමනක් තිබෙනවා.

පහසුකම් අරගෙන වැඩ නොකරපු පිරිස් පැවති සන්ධාන පාලනයේ හිටියා. දැන් එහෙම බැ. මිනිසුන් වගකීම අපට භාරදුන්නේ රටට වැඩකරන්න. රට යන එක සිමා කරන්න ඕනේ. අපි වැඩට බහිමු.

ජනාධිපතිතුමන් ජනවාරි 8 වෙනිදා පත්වුණේ යහපාලනය ඇති කරන්න. එතුමත් මමත් සාකච්ඡා කරලා අපි ලොකු වැඩකොටසක් කරලා තිබෙනවා. අපේ ප්‍රශ්න පාර්ලිමේන්තු කණ්ඩායම් ඇතුලේ කතා කරමු. අපි රට වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ඨ කරා කියල අපිට සැහීමකට පත් වෙන්න පුළුවන්....

  රාජ්‍ය අමාත්‍යවරුන් 19දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 21දෙනෙකු අද දිවුරුම්දී අවසන්

ඒ අනුව අද දිනයේ දිවුරුම් දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40ක්.

  පත්වීම් භාර ගැනීමට නොපැමිණී නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනා

විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
සිරිපාල ගම්ලත්

මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය
අනුරාධ ලංකා ජයරත්න

අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය
සාරතී දුෂ්මන්ත

  නියෝජ්‍ය අමාත්‍යවරු 21 දෙනෙකු දිවුරුම්දී අවසන්....

  සංචාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

නිමල් ලාන්සා

  පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

කරුණාරත්න පරණවිතානගේ

  ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය

මොහොමඩ් හරීස්

  විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය

ඩිල්හාන් තාරානාත් බස්නායක

  ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

අරුන්දික ප්‍රනාන්දු

  ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය

අශෝක අබේසිංහ

  සමාජ සවිජබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය

රන්ජන් රාමනායක

  රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

ඉරාන් වික්‍රමරත්න

  විදුලිබල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය

අජිත් පී පෙරේරා

  විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

හර්ෂ ද සිල්වා

  ඛනිජ තෙල් පෙට්‍රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය ඇමතිනි

අනෝමා ගමගේ

  ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය

දුනේෂ් ගන්කන්ද

  වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය

නිශාන්ත මුතුහෙට්ටිගම

  වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් වසන්ත පෙරේරා

  තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

දුලිප් විජේසිංහ

  සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය

මොහොමඩ් කාසීම්

  නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය

ඉන්දික බණ්ඩාරනායක

  මහ නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

ලසන්ත අලගියවන්න

  ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

අමීර් අලි

  රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය

සුසන්ත පුංචිනිලමේ

  තිරසාර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනි

සුමේධා ජී. ජයසේන

  රාජ්‍ය අමාත්‍යවරුන් 19දෙනෙකු දිවුරුම්දී අවසන්

  නගර සැළසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය

සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ

  කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

වසන්ත අලුවිහාරේ

  වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

වසන්ත සේනානායක

  ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය

සුජීව සේනසිංහ

  ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි

විජයකලා මහේෂ්වරන්

  කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍ය

චම්පිකා ප්‍රේමදාස

  විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

මොහාන්ලාල් ග්‍රේරු

  පුනුරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය

ඒ.එල්.එම්. හිස්බුල්ලා

  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

රුවන් විජේවර්ධන

  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික රාජ්‍ය අමාත්‍ය

නිරෝෂන් පෙරේරා

  ධිවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය

දිලීප් වෙදආරච්චි

  නිපුනතා හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය

පාලිත රංගේබණ්ඩාර

  අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

වී. රාධා ක්‍රිෂ්ණන්

  කම්කරු හා වෘත්තීය සමිති සම්බන්දතා රාජ්‍ය අමාත්‍ය

රවීන්ද්‍ර සමරවීර

  මුදල් රාජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් යාපා අබේවර්ධන

  නීතිය හා සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය

ප්‍රියංකර ජයරත්න

  ඉඩම් රාජ්‍ය අමාත්‍ය

ටි.බි. ඒකනායක

  මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය

ඩිලාන් පෙරේරා

  ජාතික එකාබද්ධතා හා ප්‍රතිසංවිධාන රාජ්‍ය අමාත්‍ය

ඒ.එච්.එම්. ෆවුසි

  ​ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැමිණීම සනිටුහන්වෙයි




------------------UPDATE---------------------------------------

නව රජයේ, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම. කැබිනට් අමාත්‍යවරුන් තුන් දෙනෙකු, අද (09) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අනුව විජිත් විජයමුනි සොයිසා, වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ද, ෆයිසර් මුස්තාපා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ද, මලික් සමරවික්‍රම සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories