අතීතයේ යකඩ සහ මැටි නිෂ්පාදනය කළ ස්ථාන 50 ක් පොළොන්නරුවෙන්

Thursday, 10 September 2015 - 8:45

%E0%B6%85%E0%B6%AD%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B6%9A%E0%B6%A9+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+50+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
මීට වසර හයදහසකට පෙර ප්‍රාග් ඓතිහාසික යුගයේ දඩයක්කරුවන් කෘෂිකර්මයට නැඹුරුවූ බවට සාක්ෂි සටහන්වන ගල් බැම්මක් බලංගොඩ ඉලූක්කුඹුර ගල් ගුහාවේ සිදුකරන කැණීම්වලදී හමුවී තිබෙනවා. කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ බලංගොඩ ආදී ප්‍රදේශ කිහිපයකම කැණීම් කටයුතු සිදුකළ බවයි.

මේ අතර පොළොන්නරුවේ ශිව දේවාලය අසළ සිදුකරන කැණීම්වලදී  ගඩොල් පාදම් දෙකක් හමුවී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මහාචාර්යවරයා සඳහන් කළේ ශිව දේවාලය ඉදිකිරීමටත් පෙර එම ස්ථානයේ ගොඩනැගිල්ලක් පැවති බවට මෙමඟින් තහවුරු වන බවයි.

එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිදුකළ කැණීම්වලින් අතීතයේ යකඩ නිෂ්පාදන කළ බවට සැකකෙරෙන ස්ථාන 30 ක්ද, මැටි කර්මාන්තය සිදුකළ බවට හඳුනාගත් ස්ථාන 20 ක්ද හමුවී ඇති බව ද මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories