රාත්‍රී සමාජ ශාලාවක් තුළදී විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුට පහරදීමක්

Thursday, 10 September 2015 - 8:47

%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පසුගිය 6 වනදා කොල්ලූපිටියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී මෙම පහරදීම සිදුව ඇති බවයි. පහරදීමෙන් විශ්‍රාමික නාවික හමුදා නිලධාරියා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් අනතුරුව ඔහුට පහරදුන් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් එම රාත්‍රී සමාජශාලාවේ සේවකයන්ද වන බවයි පොලීසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් පුද්ගලයන් හයදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories