Update : දෙමළ සන්ධානයේ පා ගමන කිලිනොච්චියෙන් ඇරඹේ

Thursday, 10 September 2015 - 8:59

Update+%3A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
පසුගිය සමයේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙස ජගත් මානව හිමිකම් කවුන්සිලයට බල කරමින් කිලිනොච්චි නගරයෙන් අද (10) පෙරවරුවේ පා ගමනක් ආරම්භ කෙරුණා. යාපනය දක්වා යන මෙම පා ගමනට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් වන  එම්.කේ.සිවාජිලිංගම් මෙන්ම ආනන්දි ශෂිදරන්ද එක්ව සිටිනවා.



Update : Thursday, 10 September 2015 - 13:42
--------------------------------------
TNA ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා පාරට බසී

මෙරට සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් විදේශීය පරීක්ෂණයක් සිදුකරන ලෙස  ජගත් මානව හිමිකම් කවුන්සිලයට බල කරමින්, කිලිනොච්චියේ සිට යාපනය දක්වා පා ගමනක නිරත වීමට දෙමළ ජාතික සන්ධානයේ කණ්ඩායමක්  සූදානම් වනවා. ටෙලෝ සංවිධානයේ ජාතික සංවිධායක, දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සඳහන් කළේ අද පෙරවරු 8 ට මෙම පා ගමන කිලිනොච්චියෙන් ආරම්භ කරන බවයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධීකරණ කමිටුව රැස්කරන ලෙස විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ටෙලෝ සංවිධානයේ ජාතික සංවිධායක එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළා.

දෙමළ ජාතික සන්ධානය පක්ෂ 4 කින් සමන්විත වන අතර ටෙලෝ, ඉලංගෙයිතමිල් අරසු,  ප්ලොට් සහ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධාන ඊට ඇතුළත්.

කෙසේ වෙතත් මහනුවරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ මෙවර ඇමරිකාව සමඟ එක්ව සාමූහික යෝජනාවක් ජගත් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories