දෙවන එළිසබෙත් මහ රැජිනගෙන් නව වාර්තාවක් (ඡායාරූප)

Thursday, 10 September 2015 - 10:29

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B6%B6%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බ්‍රිතාන්‍ය කිරුළ වැඩිම කාලයක් දැරූ තැනැත්තිය ලෙස දෙවන එලිසබෙත් මහ රැජින ඊයේ (09) නව වාර්තාවක් පිහිටවනු ලැබුවා. ඒ, වසර 63ක් කිරුළ හොබවා වික්ටෝරියා රැජින තැබූ වාර්තාව අභිබවා යමින්.

89 හැවිරිදි දෙවන එලිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍ය වේලාවෙන් ඊයේ පස්වරු 5.30ට එම වාර්තාව අභිබවා යෑමට සමත් වුණා. වයස අවුරුදු 25 දී  කිරුළ හිමිවූ දෙවන එලිසබෙත් මහ රැජින අග්‍රාමාත්‍යවරුන් 12 දෙනෙකු යටතේ කටයුතු කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය රජ කිරුළේ නව වාර්තාව සමරමින් මහ රැජින, 67 වසරක් තම ස්වාමියා වූ පිලිප් කුමරු සමඟ, ඊයේ උත්සව රැසකට සහභාගි වුණා.















































































Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories