උමා ඔයෙන් අවතැන් වූවන්ට පානීය ජලසහන - ජනපති

Friday, 11 September 2015 - 8:03

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD%E0%B7%83%E0%B7%84%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
මොරගහකන්ද සහ කළුගඟ ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වූ ජනතාවට කඩිනමින් සහන සලසන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය වෙනුවෙන් එම අමාත්‍යාංශයේ ඊයේ (10) පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘති සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සහ අනෙකුත් භෞතික සහ මානව සම්පත් පිළිබඳවද එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා. එම ව්‍යාපෘතිය නිසි කාල සැලසුම් යටතේ අවසන් කිරීමට අවශ්‍ය සම්පත් අවහිරයකින් තොරව සැපයීමටද රජය පොරොන්දු වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් 53% ක් මේ වනවිට අවසන් වී ඇති අතර, 2017 පෙබරවාරි මාසයේදී වැඩ අවසන්වීමට නියමිතයි.

එමෙන්ම, උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ජල මුලාශ්‍ර  සිඳී ගොස් විපතට පත්වු ප්‍රදේශවලට පානීය ජලය සැපයීමටද පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. උමාඔය ආශ්‍රිත ගැටලූ සොයා බැලීම සඳහාද ජනාධිපතිවරයා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට අපේක්ෂා කරන බවද එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි යෝජනා ඇතුළත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස සහ ඇස්බැස්ටෝස් වෙනුවට අඩු වියදම් විකල්ප යෝජනා පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එම අවස්ථාවේදී පරිසර සංරක්ෂණය පිළිබඳව සකස් කළ පස් අවුරුදු සැලැස්ම සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව සකස් කළ තුන් අවුරුදු සැලැස්මද ජනාධිපතිවරයා වෙත නිලධාරීන් විසින් පිළිගන්වනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories