ගල්නෑවේදී යතුරුපැදියක් ගසක හැපී තරුණයන් 3ක් මරුට

Friday, 11 September 2015 - 9:05

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%91%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%B4%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගල්නෑව - තඹුත්තේගම මාර්ගයේ, මුදුන්ගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියක් ඊයේ (10) පස්වරුවේ අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අධික වේගයෙන් ධාවනය කළ මෙම යතුරුපැදිය මුදුන්ගොඩ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී අනතුරට ලක්ව තිබෙනවා. මෙහිදී ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 21ක්, 18ක් සහ 17ක් වන තරුණයන් තුන්දෙනෙක්. අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් රෝහල් කරා රැගෙන යාමේදී මරණයට පත්වී තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories