වාහන මිල ලක්ෂ 5 දක්වා ඉහළට

Friday, 11 September 2015 - 12:35

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+5+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වීම නිසා වාහන මිල ගණන් රුපියල් ලක්ෂයත් ලක්ෂ 5 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙනවා. මීට අමතරව, රුපියල තවදුරටත් අවප්‍රමාණ වුවහොත් ආනයනික ආහාර ද්‍රව්‍ය මිල ගණන් ද ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි කොළඹ වෙළඳ සම්මේලනය ප්‍රකාශ කළේ.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ඊයේ දිනය වනවිට රුපියල් 136.17 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 141 ක් ලෙසත් සටහන් වුණා. මහබැංකුව මගින් රුපියලේ අගය පාවීමට ඉඩ සැලසීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා සිට මේ දක්වා රුපියලේ අගය 3% කට වැඩි ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා.

මෙලෙස රුපියලේ අගය අවප්‍රමාණ වීම හේතුවෙන් වාහන ආනයනය කිරීමේ පිරිවැය ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් දේශීය වෙළඳපොලේ වාහනවල මිල ගණන් රුපියල් ලක්ෂයත්, ලක්ෂ 5 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ ප්‍රකාශ කළේ.

රුපියලේ අගය අවප්‍රමාණ වීම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන්වලට බලපාන්නේ කෙසේ දැයි හිරු ප්‍රවෘත්ති අංශය කොළඹ වෙළඳ සම්මේලනයේ සභාපති කේ. පලනියන්ඩිගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණ වුවහොත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ යා හැකි බවයි.

කෙසේ වෙතත්, රුපියලේ අගය අවප්‍රමාණ වීම ඇතුළු ආර්ථිකයේ සිදුවන වෙනස්කම් පිළිබඳව රජය දැඩි අවධානයෙන් කටයුතු කරන බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළේ. මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories