බුත්තල රිය අනතුරකින් දෙදෙනෙකු මියයි

Saturday, 12 September 2015 - 7:47

%E0%B6%B6%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වැල්ලවාය - මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල - කුකුල්කොටුව ප්‍රදේශයේදී යතුරුපැදියක් වේගය පාලනය කර ගත නොහැකිව ලොරි රථයක ගැටී ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් අයෙකු බරපතල තුවාල ලබා බුත්තල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මිය ගිය දෙදෙනා වයස අවුරුදු 22 සහ 25 වන වියේ පසුවනවා.

මේ අතර, අද අලූයම කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් ද 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පසුගිය දින දෙක තුළ මාරක රිය අනතුරු රැසක් විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව - මල්වත්ත මංසන්ධියේදී ඊයේ උදෑසන සිදුවු රිය අනතුරකින් අඹුසැමි යුවලක් ජීවීතක්ෂයට පත්වූ අතර, ගල්නෑව - තඹුත්තේගම මාර්ගයේ 27 කණුව අසලදී පෙරේදා රාත්‍රියේ සිදුවු අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණේ යතුරුපැදියකින් ගමන්ගත් තරුණයන් තුන් දෙනෙක්. එසේම එදිනම පෙරවරුවේ මිනුවන්ගොඩ - යාගොඩමුල්ල ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් බස් රථ දෙකක ගැටී සිදුවූ අනතුරකින් ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories