කොමිෂන් සභා පත් කිරීමේදී පොලිස්, අල්ලස් සහ රාජ්‍ය සේවා කොමිෂන් වෙත ප්‍රමුඛතාව

Saturday, 12 September 2015 - 7:50

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
කොමිෂන් සභා පත් කිරීමේදී පොලිස්, අල්ලස් සහ රාජ්‍ය සේවා යන කොමිෂන් සභාවලට ප්‍රමුඛතාවය ලබාදෙන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය අප්‍රේල් මස 28 වන දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 211කින් සම්මත වුණේ දීර්ඝ කාලයක් පුරා සමාජය ඉල්ලා සිටි ස්වාධීන කොමිෂන් සභා බල ගැන්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දෙමින්. මෙතෙක් ක්‍රියාත්මක වූ කොමිෂන් සභාවලට අමතරව නව කොමිෂන් සභා කිහිපයක් ද එම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කෙරුණා.

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ හැකි ඉක්මනින් සියලූම කොමිෂන් සභා පත් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර, ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කිසියම් නිර්නායක මාලාවක් භාවිතා කළ යුතු බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකු වන ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories