Update : 107 කට මරු කැඳවූ මක්කම මහ පල්ලියේ අනතුර ගැන සෞදි බලධාරීන්ගෙන් පරීක්ෂණයක්

Saturday, 12 September 2015 - 7:55

Update+%3A+107+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පුද්ගලයන් 107 දෙනෙකු මරුමුවට පත් කරමින් තවත් 230 දෙනෙකුට තුවාල සිදුකරමින් මැකා නුවර හෙවත් මක්කම මහ පල්ලියේ ඊයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් සෞදි බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මුස්ලිම්වරුන්ගේ ශ්‍රේෂ්ඨතම පූජ්‍යස්ථානය ලෙස සැලකෙන මක්කම මහ පල්ලියේ ආරක්ෂක විධි විධාන සහ ආරක්ෂණ ප්‍රමිතීන් බොහෝ කලක සිට විවේචනයට ලක්වූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ. සෞදි අරාබියේ සිවිල් ආරක්ෂක ආයතනයේ ප්‍රධානියා පවසන පරිදි දැඩි සුළඟ සහ වර්ෂාපතනය දැවැන්ත දොඹකරය දේවස්ථානය මත පතිත වීමට හේතුවයි. අනතුරට සුළු මොහොතකට පෙර ප්‍රදේශයේ අසාමාන්‍ය ඉහළ වර්ෂාපතනයක් සහ පැයට කිලෝමීටර් 83ක පමණ සුළං ප්‍රවාහයක් පැවති බව සදහන්.

සෑම මුස්ලිම් බැතිමතෙකුම සිය ජීවිත කාලය තුළදී එක් වරක් හෝ වන්දනාමාන කළ යුතු යැයි ශුද්ධ වූ කුරානයේ සඳහන් මැකා නුවර මහ පල්ලියේ හජ්ජි වන්දනා සමය
ආරම්භවීමට ඇත්තේ තව දින 10ක් පමණයි.



Update : Saturday, 12 September 2015 - 13:59
--------------------------------------------------
සෞදි මහපල්ලියේ දොඹකරයක් කඩා වැටී 107 දෙනෙකු මරුට - 230කට තුවාල

සෞදි අරාබියේ මැකා නුවර මහ පල්ලියේ දැවැන්ත දොඹකරයක් ඒ මත කඩා වැටීමෙන් පුද්ගලයන් 107 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 230 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. ලොව විශාලතම මුස්ලිම් දේවස්ථානය වන මැකා නුවර මහපල්ලිය මතට රතු පැහැති දැවැන්ත දොඹකරය කඩා වැටී ඇත්තේ ඊයේ සිකුරාදා දහවල් යාඥා මෙහෙය අතුරතුරයි. ඊට සුළු මොහොතකට පෙර ප්‍රදේශයේ අසාමාන්‍ය ඉහළ වර්ෂාපතනයක් සහ පැයට කිලෝමීටර් 83ක පමණ සුළං ප්‍රවාහයක් පැවති බවයි සෞදි සිවිල් ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ.

සෑම මුස්ලිම් බැතිමතෙකුම සිය ජීවිත කාලය තුළදී එක් වරක් හෝ වන්දනාමාන කළ යුතු යැයි ශුද්ධ වූ කුරානයේ සඳහන් මැකා නුවර මහ පල්ලියේ හජ්ජි වන්දනා සමය ආරම්භවීමට ඇත්තේ තව දින 10ක් පමණයි. මැකා දේවස්ථානය වරෙකට බැතිමතුන් විසි දෙලක්ෂයකට ඉඩ සලසන පරිදි එහි පුළුල් කිරීමේ කටයුතු සෞදි බලධාරීන් පසුගිය වසරේදී ආරම්භ කළා. මැකා නුවරට පැමිණෙන හජ්ජි බැතිමතුන් මීට පෙර ද මෙවැනි ඛේදවාචකයන්ට ගොදුරු වී ඇති අතර, 2006 වසරේ සිදුවූ එවැනි තෙරපීමේ සිද්ධියකදී බැතිමතුන් 350 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.






























Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories