බලංගොඩ - ලූණුගල්ගෙය ගුහාවෙන් හමුවූ පුරාවිද්‍යා සාධක ඉතිහාස මතයක් වෙනස් කරන ලකුණු

Saturday, 12 September 2015 - 8:30

%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+-+%E0%B6%BD%E0%B7%96%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
මෙරට ග්‍රාමීය සහ නාගරික ජීවිතය ආරම්භ වූයේ විදේශ සංක්‍රමණිකයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් බවට වන මතයට අභියෝගයක් එල්ල කරන පුරාවාද්‍යාත්මක සාධක කිහිපයක් බලංගොඩ - ඉලූක්කුඹුර - ලූනුගල්ගෙය ගල් ගුහාවෙන් හමුවී තිබෙනවා. කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් පසුගිය සති එක හමාරක කාලය තුළ එම ලෙනෙහි සිදුකළ කැණීම්වලින් අනතුරුවයි මේ බව තහවුරු වී ඇත්තේ.

මීට වසර 335කට පෙර භාවිතා කළ රංචා මඩම සුසාන භූමියට වඩා බොහෝ ඉපැරණිබවක් මෙම ගල් ගුහාව තුළ සිදුකළ කැණීම් තුළින් තහවුරු වී ඇති බව ද මහාචාර්ය රාජ් සෝමදේව සදහන් කළා.

මේ අතර, කුරුණෑගල - වාරියපොළ - නුවරකන්ද ප්‍රදේශයේ සිදුකළ කැණීම්වලින් කටාරම් කොටන ලද ලෙන් 26ක් හඳුනාගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඇතැම් ලෙන්වල බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපි තිබෙන අතර, ඒවා ක්‍රිස්තු පූර්ව යුගයේ සිට මහනුවර යුගය දක්වා දිවෙන බව සඳහන්.






















ඡායාරූප - රෝහණ වසන්ත


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories