ස්ටේෂන් කැන්ටින් නැති ප්‍රශ්නෙට විසදුමක්

Saturday, 12 September 2015 - 9:31

%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ - කොටුව ඇතුළු දිවයිනේ ප්‍රධාන දුම්රිය ස්ථානවල භෝජනාගාර සහ යටිතල පහසුකම් ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි.

මේ වන විට මාස ගණනාවක් පුරා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන රැසක භෝජනාගාර වසා දමා ඇත්තේ ටෙන්ඩර් කැදවීම පිළිබඳ ගැටළු හේතුවෙන්. එසේම දුම්රිය තුළ පවත්වාගෙන යන භෝජනාගාර සේවය ද මේ වන විට ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ හේතුවෙන් අධික මුදලක් දී දුම්රිය මගීන්ට ආහාර සහ ජල බෝතල් මිලට ගැනීමට සිදුව ඇත්තේ දුම්රියට ගොඩවන වෙළඳුන්ගෙන්. ඒවායේ පිරිසිදුභාවය සම්බන්ධයෙන් බරපතල ගැටළු පවතින බව මගීන්ගේ අදහසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories