ජගත් මානව හිමිකම් වාර්තාව රජයට භාර දෙයි

Saturday, 12 September 2015 - 19:47

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව  රජයට භාර දී ඇති බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කළා. එම මාධ්‍ය වාර්තාවේ දැක්වෙන්නේ ඊයේ (11) රාත්‍රියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා රජයට මෙම මානව හිමිකම් වාර්තාව භාර දී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ 30 වැනි මානව හිමිකම් සැසිවාරය ලබන සඳුදා ස්විස්ටර්ලන්තයේ - ජිනීවා හිදී ආරම්භවීමට නියමිතයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සමුළුවට මෙම මානව හිමිකම් වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මාසයේදීයි. කෙසේ වෙතත්, නව රජය බලයට පත්වීමත් සමඟ එය සැප්තැම්බර් මාසය දක්වා කල් දැමුණා. ඊයේ රාත්‍රියේ රජයට භාර දී ඇති මෙම මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට දින 05 ක කාලයක් ලබාදී ඇති බවද ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත ඉදිරිපත් කර ඇති වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

යුද සමය තුළ සිදුවූ බව කියන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ වාර්තාව පසුගිය මාර්තු මාසයේදී ප්‍රසිද්ධ කිරීමට නියමිතව තිබුණත්, නව රජයක් බලයට පත්වීමත් සමඟ එය මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා කල් ගියා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය වෙත ලබාදී ඇති වාර්තාව සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට දින 05 ක කාලයක් ලබාදී ඇති අතර, එම වාර්තාව සහ ඊට අදාළ ප්‍රතිචාරයන් මානව හිමිකම් සැසිවාරය අතරතුරදී ප්‍රසිද්ධ කිරීමට නියමිතයි.

ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු ඊයේ (11) දිවයිනෙන් නික්මුණා. සැප්තැම්බර් 13 වනදා ජිනීවා නුවරදී විදේශ කටයුතු අමාත්‍යවරයා ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මුණ ගැසෙන අතර 14 වනදා ඉහළ පෙලේ සැසිවාරය ආරම්භයේදී කතාවක් පැවැත්වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories