එස්.බී ගේ සරසවි නායකත්ව පුහුණුව කිරිඇල්ල අත්හිටුුවයි

Saturday, 12 September 2015 - 20:30

%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93+%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
සරසවි සිසුන්ට ලබාදෙන නායකත්ව පුහුණුව අත්හිටුවන බව විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. ඒ මහනුවරදී අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.            

විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසුන් වෙනුවෙන් හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායකගේ සංකල්පයක් පරිදි නායකත්ව පුහුණු වැඩසටහන් ආරම්භ වන්නේ 2011 වසරේදීයි. එම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන් දස දහසක් ඉලක්ක කර ගනිමින් එම වැඩසටහන ආරම්භ කෙරුණේ මධ්‍යස්ථාන 22 කදීයි. මෙය නායකත්ව හැකියා සහ ආකල්ප වර්ධනය කිරීමේ පාඨමාලාව ලෙස හැඳින්වීම ද විශේ්ෂත්වයක්.

මාදුරුඔය, මින්නේරිය, දියතලාව, රන්ටැඹේ ඇතුළු හමුදා පුහුණු කඳවුරුවලදී සිසුන්ට මෙම නායකත්ව පුහුණුව ලබාදුන්නේ න්‍යායික මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සහිතවයි. කෙසේ වෙතත් එම පුහුණුවීම් අතරතුර සිසුන් මියයාමේ සිද්ධීන් මෙන්ම විවිධ රෝගාබාධවලට ලක්වීමේ සිද්ධීන් ද අඛන්ඩව වාර්තා වුණා.

ඒ අනුව ඇතැම් පාර්ශව සරසවි නායකත්ව පුහුණු වැඩසටහන් පිළිබඳව පළ කළේ දැඩි විවේචනයක්. කෙසේ වෙතත්, පසුගිය වසර වනතුරු අඛන්ඩව සරසවි ප්‍රවේශය ලද සිසුන්ට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීම යටතේ නායකත්ව පුහුණුව ලබාදුන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරන්නේ නායකත්ව පුහුණුව අත්හිටුවීම පිළිබඳව තමන් ද එකගත්වය පළ කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories