ජාතික ආණ්ඩු එපා - නිදහස් පක්ෂයේ 32ක් විපක්ෂයේ

Saturday, 12 September 2015 - 21:03

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+32%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A
ජාතික ආණ්ඩු සංකල්පය ප්‍රතික්ෂේප කරමින් නිදහස් පක්ෂයේ  කණ්ඩායමක් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රී පාල සිරිසේනට ලිපියක් භාරදීමට සූදානම් වනවා. එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් සහ ජාතික ආණ්ඩුවේ තනතුරු භාර නොගන්නා මන්ත්‍රීවරුන් මේ දිනවල අදාළ ලිපියට අත්සන් තබමින් සිටින බවයි.

 ඔවුන්ගේ අත්සන් සහිත ලිපිය මීළග පාර්ලිමේන්තු සභාවාරයට පෙර පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදීමටයි එම කණ්ඩායම සැලසුම් කර ඇත්තේ. එහි අරමුණ වී ඇත්තේ තමන් විපක්ෂයේ අසුන් ගන්නා බව පක්ෂ සභාපතිට දැනුම්දීමයි.

මේ අතර, නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකු පමණ ජාතික ආණ්ඩුවට සහය නොදී විපක්ෂයේ අසුන් ගනු ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කළා.

 එමෙන්ම, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පසුගිය මහමැතිවරණයට තරඟ කර පාර්ලිමේන්තුව නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ගෙන් ද හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව විමසා සිටියා. ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර විපක්ෂය කවුරුන්ද යන්න ඉදිරියේදී ඒත්තු ගැන්වීමට කටයුතු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories