Update: ආර්ථික ත්‍රස්තවාදයක් ගැන ආරක්ෂක ලේකම්ගෙන් හෙලිදරව්වක්

Sunday, 13 September 2015 - 13:59

Update%3A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
දැනට පවතින ආරක්ෂාවේ කිසිදු අඩු කිරීමක් සිදුනොකරන බවත්, මෙරටට ආර්ථික ත්‍රස්තවාදයක් පවතින බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසනවා. ආරක්ෂක ලේකම්වරයා අද මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අස්ගිරි සහ මල්වතු මහනාහිමියන් ද බැහැ දුටු බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ. එම අවස්ථාවට එක්වෙමිනුයි ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ.

එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි කියා සිටියේ දැනට අයි.එස්. ත්‍රස්තයින්ගෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි. නමුත් ඒ පිළිබඳව ද අවදානය යොමු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.  

මේ අතර, ආරක්ෂක ලේකම්වරයා සමඟ ගිනි අවියක් සහිතව දළදා මාළිගා පරිශ්‍රයට ඇතුලූ වූ ආරක්ෂකයෙකු දළඳා මාළිගාවේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් විසින් ඉවත් කර තිබෙනවා. මහනුවර පොලීසිය සදහන් කළේ ඔහු නොදැනුවත් භාවය නිසා ගිනි අවියත් රැගෙන දළදා මාළිගාවට පැමිණ ඇති බවයි.



Update: Sunday, 13 September 2015 - 19:01
-----------------------------------------------------------
ආරක්ෂක ලේකම්ගේ ආරක්ෂකයාව දළඳා මාළිගාවේ ආරක්ෂකයා ඉවත් කරයි

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි අද පෙරවරුවේ මහනුවරට පැමිණියා. දළඳා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව ඔහු අස්ගිරි සහ මල්වතු මහ නාහිමියන් බැහැදුටු බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මල්වතු මහා නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි කියා සිටියේ ජාතීන් අතර ගැටුම් ඇති නොවන ලෙස කටයුතු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර, ආරක්ෂක ලේකම්වරයා සමඟ ගිනි අවියක් සහිතව දළදා මාළිගා පරිශ්‍රයට ඇතුලූ වූ ආරක්ෂකයෙකු දළඳා මාළිගාවේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් විසින් ඉවත් කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිගේ ආරක්ෂාවට පැමිණි නිලධාරියෙකු මෙලෙස ඉවත් කෙරුණු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories