දෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ඉන්දියාවට

Monday, 14 September 2015 - 7:44

%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%85%E0%B6%AF+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දෙදින නිළ සංචාරයක් සඳහා අද ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්වීමට නියමිතයි. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි, විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් ඇතුළු තවත් නායකයින් සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මිත්‍රත්වය ශක්තිමත් කරමින් කලාපීය සාමය හා සංහිදියාව තහවුරු කරලීම පිළිබදව සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අපේක්ෂාවයි.

අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ සහභාගි වන ප්‍රථම නිළ විදෙස් සංචාරය ද මෙය වනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිගැනීම සඳහා නවදිල්ලි නුවර මේ වනවිටත් සූදානම් බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු ශානුක කරුණාරත්න සඳහන් කළේ.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් දෙරට අතර හොඳ හිත සහ මිත්‍රත්වය ප්‍රකට කරලීමේ සංකේතයක් ලෙස මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් 16 දෙනෙකු නිදහස් කිරීමට ලක් රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය සතියේ මෙම තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories