බස්නාහිර සහ වයඹ පළාත් නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

Monday, 14 September 2015 - 12:36

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බස්නාහිර සහ වයඹ පළාත් දෙකේ නව මහඇමතිවරුන් අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති නිල නිවසේදියි.

ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය පළාත් මුදල්, ක්‍රමසම්පාදන ඉංජිනේරු සේවා, නීතිය හා සාමය, පළාත්පාලන, පළාත් පරිපාලන, පරිසර, විදුලිබල සහ සංචාරක කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

රංජිත් සෝමවංශ අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා ලෙසත් ගාමිණී තිලකසිරි, කෘෂිකර්ම ඉඩම්, වාරිමාර්ග, සත්ව නිෂ්පාදන, සෞඛ්‍ය හා ගොවිජන සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

බස්නාහිර පළාත් ධීවර, මාර්ග ප්‍රවාහන, සමූපකාර සංවර්ධන, නිවාස, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ලලිත් වනිගරත්නයි. නිශාන්ත ශ්‍රී වර්ණසිංහ බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමාරක්ෂණ, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

කෙසේ වෙතත් පසුගිය පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ උපාලි කොඩිකාරට මෙවර අමාත්‍ය ධුරයක් හිමිව නැහැ.

මේ අතර වයඹ පළාතේ මුදල්, ක්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීතිය හා සාමය, පළාත් පාලන ආර්ථික ප්‍රවර්ධන, විදුලිබල, පරිසර, ජලසම්පාදන සහ සංචාරක කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ පළාත් මහ ඇමති ධර්මසිරි දසනායකයි.

ගුණදාස දෙහිගම පළාත් මාර්ග ප්‍රවාහන, සමූපකාර, වෙළඳ, නිවාස, ඉදිකිරීම් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් සන්ධ්‍යා කුමාර රාජපක්ෂ පළාත් අධ්‍යාපන, සංස්කෘතික ක්‍රීඩා, යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා.

වයඹ පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත්තේ ලක්‍ෂ්මන් හරිස්චන්ද්‍රයි. ඩබ්ලිව්.ජේ. සුමල් තිසේරා පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව නිෂ්පාදන, සෞඛ්‍ය හා ගොවිජන සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.  මීට පෙර අමාත්‍ය ධුරයක කටයුතු කළ ඞී.බී. හේරත්ට මෙවර අමාත්‍ය ධුරයක් ලැබී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories