අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ළඟා වෙයි

Monday, 14 September 2015 - 19:18

%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තුන්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළට ළඟා වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගත්තේ ඉන්දීය වාණිජ සහ කර්මාන්ත ඇමතිනී නිර්මලා සීතාරාමන් විසින්. එසේම අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබූ බවයි එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ 16 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගියා.  අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි, විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් ඇතුලූ එරට නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් වරක් දිවුරුම් දීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගිවන ප්‍රථම නිල විදෙස් සංචාරයද මෙයයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories