අගමැති ටෝනි ඇබට්ගේ පක්ෂ නායකත්වයට අභියෝග කර ඔහු පරාජය කළ මැල්කම් ටර්න්බුල් ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දෙනවා. ඒ අනුව ඔහු කැන්බරා නුවර ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර නිවසේදී එරට 29 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති. ඊයේ පැවැති ඕස්ට්‍රේලියානු ලිබරල් පක්ෂයේ නායකත්වය අභියෝගයට ලක් කිරීමේ ඡන්ද විමසීමේදී ටෝනි ඇබට්ට ඡන්ද 44ක් හිමි වූ අතර, මැල්කම් ටර්න්බුල්ට ඡන්ද 54ක් හිමි වුණා. දේශපාලන අර්බුද රැසකට මුහුණ පෑ ඕස්ට්‍රේලියාවේ 2013 වසරෙන් පසු පත්වූ 4 වන අග්‍රාමාත්‍යවරයා වන්නේ මැල්කම් ටර්න්බුල්.
Follow US
Most Viewed Stories